BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, August 29, 2017

“තලතා දේවිය ඉන්නේ ඇස් බැඳගෙන නොවේ”- උදය ගම්මන්පිල

නව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම ඇමති ධූරය භාර ගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කිරීමට එකඟ වුණාද නැද්ද? යනුවෙන් සමස්ත ජාතියටම කුකුසක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (28) මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

” තමන්ව ඉවත් කරන්නේ අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කිරීමට එකඟ නොවුණු නිසා කියලා හිටපු අධිකරණ ඇමති විජේදාස මැතිතුමා පැවසුවා.

එසේ නම් නව අධිකරණ ඇමතිතුමියට ඒ තනතුර ලැබුණේ අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න එකඟ වුණු නිසා ද කියන ප්‍රශ්නයට වහාම පිළිතුරු සැපයිය යුතුයි.

තමන්ගේ තරාදියේ දෙපැත්තට වැටෙන නීති තර්ක සහ කරුණු මත මිස ඒ කරුණු ගෙනෙන පුද්ගලයා මත නොවේ නීතියේ දෙවඟන තීන්දු ගත යුත්තේ.

ඒ නිසා තමයි නීතියේ දෙවඟනගේ ඇස් කළු රෙදි පටියකින් බැඳ තිබෙන්නේ.

නමුත් තලතා දේවිය ඉන්නේ ඇස් බැඳ ගෙන නොවේ.

ඒ මදිවාට හොඳට පේන්න ලොකු කණ්නාඩි කුට්ටමකුත් දාගෙන.

ඒ නිසා අනික් කට්ටියටත් වඩා වැඩියෙන් පේනවා.

තලතා ඇමතිතුමිය අධිකරණයට බලපෑම් කරන්නට එකඟ වුණාද කියන කාරණයටනම් උත්තර බැඳිය යුතුමයි” යනුවෙන් පැවසුවේය.
« PREV
NEXT »