Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily hot Sinhala and English gossip news and much more on gossip99.com

Advertisements

Loading...

Healthy Tips

KELIBIMA

FACEBOOK

පවතින නීතිය යටතේ ඉදිරි මැතිවරණ පැවැත්විය හැකි ක‍්‍රමවේදයත්, මැතිවරණ කල් යෑම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සමග රිවිර පැවැත්වූ සාකච්ඡුාවකි මේ.
ප‍්‍ර – සමහරු එළඹෙන මැතිවරණ කොට්ඨාස ක‍්‍රමයට පවත්වන බව කියනවා. තවත් සමහරු මිශ‍්‍ර ක‍්‍රමයට පවත්වන බව කියනවා. ඇත්තටම මෙහි නෛතික තත්ත්වය කුමක් ද?
පි – එක එක පුද්ගලයාට විවිධ දේවල් ප‍්‍රකාශ කරන්න පුළුවන්. නමුත් පවතින නීතියේ සඳහන් වන ක‍්‍රමවේදයට තමයි අපට මැතිවරණ තියන්න වෙන්නේ. දැනට නීතියේ තියෙන්නේ සමානුපාත සහ මනාප ක‍්‍රමය. ඊට වඩා දෙයක් මට ඒ ගැන කියන්න බෑ. නුදුරු අනාගතයේ යම් වෙනසක් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක වන බව පේනවා. නමුත් දැනට පවතින ක‍්‍රමය වෙනසක් වේවි ද නැද්ද කියලා අපි දන්නේ නෑ.

ප‍්‍ර – ඒ කියන්නේ බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වන මනාප ක‍්‍රමය ඉදිරියටත් පවතින එකද?
පි -මේ වන විට පළාත් පාලන මැතිවරණවල මනාප ක‍්‍රමය ඉවත් වෙලා තියෙනවා. මනාප ක‍්‍රමයෙත් හොඳ ලක්ෂණ තියෙනවා. පහුගිය සිකුරාදා පැවති සාකච්ඡුාවක දී එක්තරා රාජ්‍ය නිලධාරිනියක් විමසා සිටියා අපේ කොට්ඨාසයේ අපේ නියෝජිතයා විදිහට පක්ෂයෙන් යෝජනා කරන කෙනා තෝරා ගැනීම ද නැත්නම් අපේක්ෂයන් පිරිසක් අතරින් අපි කැමති කෙනාට මනාප දීලා තෝර ගන්න එක ද වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කියලා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය කරලා 20 වන සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡුා වෙමින් පවතින අවස්ථාවේ තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ. ඒ අනුව පැවති මහ මැතිවරණය මනාප ක‍්‍රමයට පැවැත්වීමට සිදු වුණා. මෙවරත් විසි වන සංශෝධනය සම්මත වුණේ නැත්නම් පවතින ඡුන්ද ක‍්‍රමය වෙනස් වුණේ නැත්නම් ඉදිරි පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සිදු වන්නේ වර්තමාන සමානුපාතික සහ මනාප ක‍්‍රමය අනුව තමයි.

ප‍්‍ර – 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසම බවට පත්වුණා. මැතිවරණ කොමසාරිස් තනතුර මැතිවරණ කොමිසමේ සභාපති තනතුර බවට පත්වුණා. මැතිවරණ කොමසාරිස්ට වඩා සභාපතිවරයා බලවත් ද?
පි -19 වන සංශෝධනය යටතේ කිසියම් තනතුරක් බලවත් වුණා ද නැද්ද කියලා කියන්න බෑ. තනි සභාපතිට කිසිම බලයක් නෑ. මැතිවරණ කොමිසමට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. මැතිවරණ කොමසාරිස්වරයා සසඳන්න  ඕන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග නෙමෙයි, සෙසු සාමාජිකයන් දෙදෙනාත් ඇතුළත් මැතිවරණ කොමිසම සමගයි. මැතිවරණ කොමිසම් සභාව කොමසාරිස්වරයාට වඩා බලවත්.

ප‍්‍ර – සමානුපාතික මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතු බවට සමාජ මතයක් නිර්මාණය වෙලා තියෙනවා?
පි – ඇත්තට ම බොහෝ දෙනා කියන්නේ සමානුපාතික ක‍්‍රමය නෙමෙයි මනාප ක‍්‍රමය වෙනස් වෙන්න  ඕන කියලා. අද වැඩි දෙනෙක් නො දන්නවා වුණාට ලංකාවේ මනාප ක‍්‍රමය නොමැතිව සමානුපාතික නියෝජන ක‍්‍රමය ක‍්‍රියාත්මක වුණා. 1979 මහ නගර සභා සහ නගර සභා ඡුන්දය, 1981 දිස්ත‍්‍රික් සංවර්ධන සභා ඡුන්දය සහ 1983 මහ නගර සභා සහ නගර සභා ඡුන්දය පැවැත්වුණේ මනාප නොමැති සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ. ඒ ක‍්‍රමය යටතේ සිදු වුණේ සමානුපාතික ක‍්‍රමයට ආසන වෙන් කරලා පක්ෂයෙන් ලබා දෙන අපේක්ෂක ලැයිස්තුවේ පිළිවෙළට නියෝජිතයන් තෝරා ගැනීමයි. පක්ෂයකට ආසන 5ක් ලැබුණා නම් ලැයිස්තුවේ මුල් 5 දෙනා තෝර ගන්නවා. ආසන 7ක් ලැබුණා නම් ලැයිස්තුවේ මුල් 7 දෙනා තෝර ගන්නවා.

ප‍්‍ර – පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා යෝජිත මිශ‍්‍ර සමානුපාතික ක‍්‍රමය ක‍්‍රියාත්මක වන්නේ කොහොම ද?
පි – යෝජිත මිශ‍්‍ර සමානුපාතික ක‍්‍රමයේ දී සමානුපාතික ක‍්‍රමයට ඡුන්ද පවත්වලා කොට්ඨාස ජයග‍්‍රහණය කරන අපේක්ෂකයෝ තෝරා ගන්නවා. කිසියම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් කොට්ඨාසවලට වඩා සමානුපාතික ක‍්‍රමය යටතේ නියෝජිතයෝ ජයග‍්‍රහණය කළොත් අදාළ නියෝජිතයන් ගණන එම පක්ෂ හෝ කණ්ඩායම් ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ අමතර ලැයිස්තුවේ අපේක්ෂකයන් හෝ අතරින් පත් කරනවා. උදාහරණයක් විදිහට යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් කොට්ඨාස 8ක් දිනුවත් සමානුපාතික ක‍්‍රමයට ආසන 10ක් ලැබෙනවා නම් පෙර සඳහන් කළ ලැයිස්තුවලින් ඒ නියෝජිතයන් දෙදෙනා තෝරා පත් කරගන්නවා. එවිට අදාළ පළාත් පාලන ආයතනයේ නියෝජිත සංඛ්‍යාව ආසන දෙකකින් ඉහළ යනවා.

ඒ වගේ ම කිසියම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් සමානුපාතික ක‍්‍රමයට ලැබෙන නියෝජිත ප‍්‍රමාණයට වඩා කොට්ඨාස දිනලා තිබුණොත් එම පක්ෂ හෝ කණ්ඩායම් ලැයිස්තුවේ ඊළඟ නියෝජිතයන් හෝ ඔවුන්ගේ අමතර ලැයිස්තුවෙන් නියෝජිතයෝ පත් කරනවා. උදාහරණයක් විදිහට යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් කොට්ඨාස 10ක් දිනුවත් සමානුපාතික ක‍්‍රමයට ආසන ලැබෙන්නේ 8ක් නම් පෙර සඳහන් කළ ලැයිස්තුවලින් ඒ නියෝජිතයන් දෙදෙනා තෝරා පත් කර ගන්නවා. එවිටත් අදාළ පළාත් පාලන ආයතනයේ නියෝජිත සංඛ්‍යාව ආසන දෙකකින් ඉහළ යනවා. මේ ක‍්‍රමය පාර්ලිමේන්තුවට වගේ ම පළාත් සභාවලටයි සුදුසුයි කියලා යෝජනා කරලා තියෙනවා.
ප‍්‍ර – ප‍්‍ර – ආණ්ඩුව විවිධ හේතු මවමින් දිගින් දිගට ම ඡුන්ද කල් දමන බවට චෝදනාවක් තිබෙනවා?
පි – මේ වන විට රටේ මැතිවරණ පැවැත්වීම ඉතා ම අනවශ්‍ය ලෙස ප‍්‍රමාද වෙලා තියෙනවා. 2012 නොවැම්බර් මාසේ ඒ කියන්නේ මීට අවුරුදු 5කට කලින් තමයි ඡුන්ද ක‍්‍රමය වෙනස් කරන්න යෝජනා සම්මත වුණේ. මඩකලපුවේ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 9ක ජනතාවට 2013 මාර්තු ඉඳලා තමන්ගේ පළාත් පාලන ආයතනවලට නියෝජිතයෝ පත් කර ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. වව්නියාව නගර සභාවේ ජනතාවට 2013 අගෝස්තු ඉඳලත් යාපනය මහ නගර සභාවේ ජනතාවට 2014 අගෝස්තුවල ඉඳලත් තවම තමන්ගේ පළාත් පාලන ආයතනවලට නියෝජිතයෝ පත් කර ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. 2015 මැයිවල ඉඳලා දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාවට තමන්ගේ පළාත් පාලන ආයතනවලට නියෝජිතයෝ පත් කර ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. මේ විදිහට ඡුන්ද කල් යෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හොඳ නෑ කියන එක ලෝකේ  ඕන ම කෙනෙක් දන්න සරල කාරණාවක්. අපටත් කියන්න තියෙන්නේ එච්චරයි.

ප‍්‍ර – මේ ආකාරයට ඡුන්ද ප‍්‍රමාද වීමේ ප‍්‍රතිවිපාක මොනවාද?
පි – ඒක ඉතින් මම කියන්න  ඕන නෑ.  ඕන කෙනෙකුට ඒක පේනවානේ. ඡුන්ද ප‍්‍රමාද වීම යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක ලක්ෂණයක් නෙමෙයි කියලා විතරයි මට කියන්න පුළුවන්. සාමාන්‍ය පුරවැසියකුට තියෙන දේශපාලන අයිතිය මට නෑ. ඒ නිසා ඡුන්ද කල් ගියාම අරක වෙයි මේක වෙයි කියලා දේශපාලකයන් සිවිල් සංවිධාන නියෝජිතයන් හෝ වෙනත් අයකු දෙන ආකාරයේ දේශපාලන අර්ථකථන දෙන්න මට බෑ.

ප‍්‍ර – ශ්‍රේෂ්ඨාධිකරණය 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය යැයි ප‍්‍රකාශ කළොත් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සංශෝධනය සඳහා ඉදිරිපත් කර ඇති පළාත් සභා ඡුන්ද විමසීම් (සංශෝධන* පනත ඔස්සේ නැවත ඡුන්ද කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරන බවට චෝදනා නැගෙනවා?
පි – ඔව්, ෆේස්බුක් ඇතුළු සමාජජාලාවල එහෙම අදහසක් තියෙනවා මම දැක්කා. දැන් ඔබත් ඒ ගැන ඇහුවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඒ ගැන මා දැනුම්වත් කළා. නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ඒ ගැන දන්වා විරෝධය ප‍්‍රකාශ කළ ලිපිවල පිටපත් මට ලැබිලා තියෙනවා. කොමිසමේ සියලූ නියෝජිතයන් සමග සාකච්ඡුා කරලා මිසක් මට ඒ ගැන තනිව කිසිවක් ප‍්‍රකාශ කරන්න බෑ. පාර්ලිමේන්තුවේ යම් යෝජනාවක් සම්මත කරනවා නම් අපි මොනවා කරන්නද?

ප‍්‍ර – ආණ්ඩුව මේ ආකාරයට ඡුන්ද කල් දැමීමට කිසියම් හේතුවක් එම නිරීක්ෂකයන්  ඔබ සමග සඳහන් කළා ද?
පි – ඔබට කැෆේ වැනි මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක නියෝජිතයෙක් සම්බන්ධ කර ගත්තා නම් ඔවුන්ගේ මතය ඍජුව ම දැනගත හැකියි. මම හිතන්නේ මේ රටේ මැතිවරණ කල් දමන්න හේතුව දන්නේ නැත්තේ මාධ්‍යවේදීන් විතරයි.

ප‍්‍ර – ඊළඟ මැතිවරණය ජනමත විචාරණයක් ද පළාත් පාලන මැතිවරණයක් ද?
පි – අපේ රටේ මැතිවරණයක් එන තුරු එනවා ද නැද්ද කියලා මට නම් කියන්න බෑ.

ප‍්‍ර – ඔබතුමා කලින් පැවති ආණ්ඩුව සමයේ වගේ අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී නොසිටින බවට සමහරු චෝදනා කරනවා?
පි – කවුද කියන්නේ අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ කියලා. අපි ඡුන්ද නෑ කියලා පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න ද? කොමිසම ඉදිරියේ ගිනි තියා ගන්න ද? අපට දේශපාලන පක්ෂ, පුරවැසියෝ, ජනමාධ්‍යවේදියෝ විදිහට කටයුතු කරන්න බෑ. අපේ සීමාව තුළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් කළ හැකි උපරිමය අපි කරලා තියෙනවා.

ප‍්‍ර – ඔබතුමා ඒ කාලේ කීවා නේද කකුලට නෙමෙයි ඔළුවට ම වෙඩි තියන්න කියලා?
පි – මම එහෙම කීවේ මැතිවරණය පැවැත්වෙන කාලේ. ඡුන්ද පොළේ කිසියම් ඡුන්ද ¥ෂණයක් කඩාකප්පල්කාරී වැඩක් කරන්න කවුරු හරි උත්සාහ කළොත් ඒක වළක්වන්න උපරිම පියවර ගන්න කියලායි මම කීවේ. ඡුන්දයක් පවත්වන්න දින නියම කරන තුරු මැතිවරණ කොමිසමට බලයක් නෑ. අපි මේ මොහොතේ අපේ වගකීම ඉටු කරනවා. මේ රටේ ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිනය සැමරුවේ අපි විතරයි. මාධ්‍යවේදීන් ඒකට ප‍්‍රචාරයක් දුන්නා. නමුත් ඒක කළ යුතුව තිබුණේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන. ඡුන්ද ලැයිස්තුවේ නම් අඩුයි කියන එක ගැන අපි ජනතාව දැනුම්වත් කරලා අවශ්‍ය පියවර ගත්තා. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වෙනුවෙන් අපි වැඩ කළා. තරුණ නියෝජනය අවශ්‍යයි කියලා අපි හඬක් නැඟුවා. ඒත් සමහරු අපි කිසිවක් නොකරන බවට නිශ්ඵල චෝදනා කරනවා.

ප‍්‍ර – ජනතාව තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය රැුක ගන්න මොනවා ද කරන්න  ඕන?
පි – අපි ජනතාව ළඟට ගිහින් ඡුන්දය ඔබේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියයි බලයයි කියලා ඔවුන්ට පැහැදිලි කරලා දෙනවා. තමන්ගේ අයිතිය රැුක ගන්න කරන දේවල් ජනතාව දැන ගන්න  ඕන. අපට බත් ටික බෙදලා දෙන්න පුළුවන්. නමුත් අනලා කටට ඔබලා කොටන්න බෑනේ.

ප‍්‍ර – 20 වන සංශෝධනය බලාත්මක නොවුණොත් පළාත් සභා ඡුන්දය තබන්න ඔබ සුදානම් ද?
පි – ඔව්, දැනට පවතින තත්ත්වය උඩ 20 බලාත්මක නොවුණොත් අපිට පළාත් සභා ඡුන්ද තියන්න පුළුවන්. ඒත් අපි දන්නේ නෑනේ හෙට අනිත්දා මොනවා වේවි ද කියලා. මම කොළඹින් බස් එකේ නැගලා පැය හතකින් අනුරාධපුරේ එනවා කියලා කීවොත් මග දී බස් එක හැපුණොත් පාරට අලි පැනලා ගැහුවොත් ඒ කියපු වෙලාවට යන්න බෑනේ.

ප‍්‍ර – ඉදිරි දින කිහිපය තීරණාත්මකයි නේද?
පි – අපට කිසිම තීරණාත්මක බවක් නෑ. ආණ්ඩුව රකින එක හෝ පෙරළන එක දේශපාලන පක්ෂවල සහ පුරවැසියන්ගේ වැඩක්. අපට පැවරිලා තියෙන්නේ ඡුන්ද නීතිය අනුව ඡුන්ද තියන්න. ඡුන්දය පවත්වන එක අපේ වැඩක්. ඒකට අපි  ඕනෑ ම වේලාවක සුදානම්.

සාකච්ඡා කළේ – නාමල් උඩලමත්ත 

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Paid Ads

Ananmanan

GOSSIP99

BOOK MARK

VIDEO PORTAL