Friday, October 13, 2017
Home
Gossip Lanka News
රවීගේ මස්සිනා රක්ෂණ සංස්ථාවෙන් දොට්ට
රවීගේ මස්සිනා රක්ෂණ සංස්ථාවෙන් දොට්ට
-
Friday, October 13, 2017
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ටී එම් ආර් බංස ජයා මහතා එම තනතුරින් ඉවත් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
එහි සිටි අනෙක් සම කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අරුණ සිරිවර්ධන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉල්ලා අස්වී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රතිව්‍යූහ ගත කිරීමකට වෘත්තීමය නිලධාරීන් පත් කිරීමේ අවශ්‍යතාවක් මත අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇතැයි ද, සම කළමනාකාර අධ්‍යක්ෂ බංස ජයා මහතා ඉල්ලා අස්නොවූයෙන් ඔහු එම ධුරයෙන් ඉවත් කළ බව ද දැනගන්නට තිබේ. බංස ජයා මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇතත් ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවමත් ඉවත් කර නැත.
එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමෙන් පසු දින 100 ආණ්ඩු සමයේ බංස ජයා මහතා එම තනතුරට පත් කරනු ලැබුවේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසිනි. එම තනතුරට තවත් පුද්ගලයකු පත් කරනු ලැබූ අතර ඔහු ද ඉල්ලා අස්වීමෙන් පසු අරුණ සිරිවර්ධන මහතා එම තනතුරට පත් කරනු ලැබීය.
රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමට එකග වෙමින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීමට ගත් තීරණය අනුව අරුණ සිරිවර්ධන මහතා පසුගියදා (09) එම තනතුරින් ඉවත් වී ඇත. ඒ සමග අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ද සිය ඉල්ලා අස්වීම් බාර දී තිබෙන බව අමාත්‍යංශ ආරංචි පවසයි.
රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමක ඩී එස් අමරසූරිය මහතා දිගටම එම තනතුරේ තැබීමට දැනට තීරණය කර ඇතැයි අමාත්‍යංශ නිලධාරියෙක් පැවසීය.
ටී එම් ආර් බංස ජයා මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මස්සිනා වේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...