BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 28, 2017

එජාප මන්ත්‍රීන්ට ජනපති විවේචනය තහනම්

තමාගෙන් හෝ පක්‍ෂ මහලේකම්වරයාගේ අවසරයකින් තොරව ජනාධිපතිවරයා විවේචනය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.
ඒ, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මනත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි ඊයේ (27) රැස්වු අවස්ථාවේදීය.



මෙහිදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අදහස් දක්වමින් කියාසිටියේ අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබුණු දුරකතන සංවාද පිළිබඳවද බොහෝ දෙනා වැරදි ප්‍රතිරූපයක් මවමින් සිටින බවයි.

බැඳුම්කර කොමිසම ඒ පිළිබඳ නිසි අයුරින් කටයුතු කරන බවත් ආණ්ඩුවක් ලෙස අප සැම ඊට සහාය දැක්විය යුතු බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
« PREV
NEXT »