BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 29, 2017

මිග් ගණුදෙනුව එලිදරවු කල නිසා ගෝටාභය ලසන්ත වික‍්‍රමතුංග මැරුවා - ඇමති රාජිත

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ විසින් බව ඇමති රාජිත සේනාරත්න පවසයි.


ඇමතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය අමතමිනි.

‘ලසන්ත වික‍්‍රමතුංග තමයි ගෝටාභයටග් මිග් ගණුදෙනුව එලිදරවු කලේ. මොකද්ද මේ මිග් ගණුදෙනුව.


මම මගේ ඇස් දෙකෙන් දැක්කා මේ ගිවිසුම් දෙකම. එක ගිවිසුමක් තියෙනව ඒකෙ තිබෙන යුකේ‍්‍රන ඇමතිවරයගෙ අත්සනයි දෙවෙනියට ගහපු අත්සනයි දෙකක්.

එක ගිවිසුමක තියෙනව මේක මිලියන හතයි. අනෙක් ගිවිසුමේ තියෙනව මිලියන 14යි.

මේකෙ නියම ගිවිසුම අතට ආව ලසන්තට. ඔහු ලෑස්ති වුණා මේක එලිදරවු කරන්න පත්තරෙන්. ඊට ඉස්සෙල්ල ලසන්තව මැරුව’ යයිද ඇමතිවරයා එහිදී පැවසීය.


« PREV
NEXT »