BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

අලුත් ව්‍යවස්ථා හදන්න කලින් බඩගින්නේ ඉන්න මිනිසුන්ට කන්න දෙනු..- ඇමති සුසිල්

හාල් කිලෝවක් රුපියල් සියය ඉක්වමා පොල් ගෙඩිය රුපියල් සියයක් වී ඇති අවස්ථාවකට රටට උවමනා වන්නේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් නොවන බව විද්‍යා හා තාක්‍ෂණ ඇමති සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා පවසයි.

බුදුන් වහන්සේ පවා ධර්මය දේශනා කරනු ලැබුවේ කුසගින්නේ සිටි අයට ආහාර දීමෙන් පසුව යයිද ඒ මහතා කුසගින්නේ සිටින මිනිහාට ව්‍යවස්ථාවක් උවමනා නැතැයිද සදහන් කරයි.

එනිසා රජය මේ මොහොතේ ප‍්‍රමුඛතාව දිය යුතු වන්නේ නව ව්‍යවස්ථාවක් සැකසීමට නොව රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ කොළඹදී පැවති උත්සය සභාවක් අමතමිනි.
« PREV
NEXT »