BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, November 21, 2017

අගමැතිගේ නිල ජංගම දුරකථන අංකයට අදාළ තොරතුරු පිටතට යාම ගැන පුළුල් පරීක්ෂණ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ජංගම දුරකථන අංකයට අදාළ තොරතුර බාහිර පාර්ශ්වයක් ‍අතට පත්වීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ වී‍ තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ රාජකාරි දුරකතනයේ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත පත්වීම නිසා රටේ ජාතික ආරක්ෂාවට එල්ල වන බලවත් තර්ජනය සැලකිල්ලට ගෙන ඉහත පරික්ෂණය ආරම්භ කර ඇත.

නීතිපති දෙපාර්තමේ න්තුවේ නියෝගයක් මත රහස් පොලිසිය අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ දුරකථන අංක පරීක්ෂා කළ බවට බැඳුම්කර ගණුදෙනු පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. රටේ අගමැතිවරයාගේ රාජකාරි දුරකතනයේ තොරතුරු වෙනත් පාර්ශ්වයක් විසින් පරික්ෂා කළේ කෙසේද යන්න පරීක්ෂා කළ යුතුව ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති.
« PREV
NEXT »