Thursday, November 02, 2017
Home
Gossip Lanka News
සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.
සම කැබිනට් ප්‍රකාශකයන් මත දෙකක.
-
Thursday, November 02, 2017
ඉදිරි මැතිවරණයේදී තෝරාගත් ප්‍රාදේශීය සභාවලට සහ නගර සභාවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග පොදු ලකුණකින් තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් කැමැත්ත පළකළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (01දා) පැවසීය. ඒ කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත් එය පක්ෂයෙන් විමසිය යුතු බවත්ය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා - “ලබන මැතිවරණයට එක්ව තරග කිරීම සාකච්ඡාවට භාජනය කරලා කරන්න පුළුවන් එකක්. මගේ බේරුවල ආසනය ඒ විදියට තමයි තරග කරන්නේ. දැනට සංවිධායකවරුන් දෙන්නම මාත් එක්ක කතා කරගෙන තිබෙනවා. අද හරි හෙට හරි අපි සාකච්ඡා කරලා අවසන් තීන්දුව ගන්නවා. ඒ දෙගොල්ලොම කැමැතියි එක පොදු ලකුණකින් 2015 ජනවාරි 08 වැනිදා වගේ තරග කරන්න.
මේ ගැන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ට මම කතා කළාම සමහර නගර සභා හා ප්‍රාදේශීය සභාවලත් පොදු ලකුණකින් තරග කරන්න එම ස්ථානවල එකතු වෙනවා කියලා කිව්වා.”
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා - "එක්ව තරග කරන එක ගැන අපි දන්නෑ. ඒක පක්‍ෂයෙන් අහන්න ඕන. පක්‍ෂයෙන් අහන්නෙ නැතිව කියන්න බැහැ. මෙතුමා එතුමන්ලා එක්ක සම්බන්ධතාවක් තියාගෙන වැඩ කරගෙන යනවා ඇති. නිතර ගිවිසුම් තිබෙනවා. සමහර කට්ටිය එහෙම කරනවා. ඒක අපේ පක්‍ෂය ගත්තු තීන්දුවක් නෙමෙයි" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...