BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 23, 2017

මහජන බැංකුව වසා දැමීමේ බැංකු සේවක සංගම් උත්සාහය අඩපණ වේ

බැංකු සේවක සංගමයේ තීරණයක් අනුව අද දින මහජන බැංකුවේ ශාඛා වසා දැමීම සදහා ගත් උත්සාහය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත. ඒ අනුව, බැංකු සේවක සංගමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සාමාන්‍යයෙන් සෙනසුරාදා දින විවෘතව පවතින මහජන බැංකුවේ සියලුම ශාඛා සහ සේවා ස්ථානයන් අද දින ද සුපුරුදු පරිදි විවෘතව තැබිණි.

මහජන බැංකුවේ නිළධාරීන් හත් දෙනෙකුට එරෙහිව මේ වන විට ක්රියාත්මක වෙමින් තිබෙන විනය ක්රියාමාර්ග අත්හිටුවන ලෙස බලකරමින් මෙම වර්ජනය දියත් කිරීමට සැලසුම් කළේය. ඒ අනුව බැංකු සේවක සංගමය ඉල්ලා සිටියේ සතිඅන්ත දිනවලදී සේවයෙන් ඉවත්ව සිටින ලෙසයි. එලෙස තාවකාලිකව වැඩ තහනම් වූ නිළධාරීන් හත් දෙනාගෙන් කිහිප දෙනෙකු ලංකා බැංකු සේවක සංගමයේ ඉහළ නිළතල දරමින් සිටින අයවළුන් ද වේ. 

පසුගිය නොවැම්බර් මාසයේ දිනක මහජන බැංකුවේ අම්පාර ශාඛාවට අනවසරයෙන් ඇතුළු වී කළමණාකාරවරයාට බැණ තර්ජනය කර රාජකාරී කටයුතු වලට බාධා වන අයුරින් කළහාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණ වලින් පසු මෙලෙස මෙම නිළධාරීන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීය. ඒ අනුව, ඉදිරියේ දී එම පුද්ගලයින් සම්බන්ධයෙන් විධිමත් පූර්ණ විනය ක්රියාමාර්ගයන්ට එළැඹීමටද මහජන බැංකුව කටයුතු කරමින් සිටියි.

ලංකා බැංකු සේවක සංගමය විසින් අද දින සේවකයින්ට සේවයෙන් ඉවත් වී මහජන බැංකුවේ ශාඛාවල ක්රියාකාරීත්වය අඩපණ කරන ලෙස ඉල්ලීම් කෙරුණේ ඉන් පසුවයි. ඒ, මින් පෙර ක්රියාත්මක කිරීමට උත්සාහ කළ කළු පටි බැදීම සහ විරෝධතා පුවරු ප්රදර්ශනයේ කිරීම ඇතුළු අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුව වීම ද විශේෂත්වයකි.

කෙසේ නමුත්, ලංකා බැංකු සේවක සංගමයට විරෝධය දක්වන මහජන බැංකු සේවකයින් පවසන්නේ බැංකුවේ විනය නීති සංග්රහයට සහ ආයතනික චක්රලේඛයන්ට එරෙහි වන ඔ්නෑම පුද්ගලයකු සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීම සිදු කළ යුතු බවයි. එලෙස නීති උල්ලංඝනය කරමින් කටයුතු කර, ඒවාට දඩුවම් දුන් පසු බැංකුවේ සෙසු සේවකයින් භාවිත කරමින් බැංකුවේ කටයුතු අඩපණ කීරීමට උත්සාහ දැරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ද ඔහුන් පවසති.
« PREV
NEXT »