BREAKING NEWS
latest

728x90

468x60

Thursday, December 21, 2017

මහින්දට මදුෂා ලංකරගන්නට එපා කිවුවට අහල නෑ - මධුෂා ගේ ප්‍රකාශයකින් පොහොට්ටුව කාන්තා නියෝජනය ලබා දුන් හැටි හෙලිවේ

මධුෂා රාමසිංහ කියන්නේ නිරූපන ක්ෂේත්‍රයේ වගේම දේශපාලන කරලියේද කතා බහට ලක්වුණු කාන්තාවක්. විවිධ පක්ෂ වලට සහාය දක්වමින් මධූශා දේශපාලනයේ අලුත් ගමනක් යෑමට තැත් කලා. පසුගිය දිනෙක මධූශාගෙන් සිදු කල ලිංගික අල්ලස් ඉල්ලීමක් ගැන මධූශා මාධ්‍යට වාර්තා කලා.



මේ පිළිබඳව ඇය සිය මුහුණු පොතෙහි ගිණුමේ සටහනක් තබා ඇත. එම සටහන පහතින් දක්වා ඇත.



” කිසිම පක්ෂයක කිසිම නියෝජිතයෙකුට ලිංගික අල්ලස් , මුදල් අල්ලස් හෝ මානසික අල්ලස් ලබා දීමට මා සූදානම් නැත. දේශපාලනය , කලාව හෝ වෙනත් කිසිදු කාරණාවක් මත මා කෙදිනකවත් ගැහැණු දරුවෙකු ලෙස මගේ ගෞරවය උගසට තබා නැත.





යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව රට ජාතිය ආගම මනුෂ්‍යත්වය රැකගැනීමේ අරමුණින් මා මගේ ජනතාවට නියෝජනය දුන් අතර ජනතාව රැකීම මගේ ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය මා කිසිදාක කඩනොකරමි.

‍කාන්තාවක ලෙස මට ලැජ්ජාව බය ඇතිබැවින් මා මේ දේශපාලන ක්‍රමවේදයට නුසුදුසු බව පැවසූ ලිංගික අසහන කරුවන්ට දන්වමි. මා කෙදිනකවත් තොපලාගේ සුරතලියක් නොවන බවත් මාගේ සටන අත් නොහරින බවත්.

මධූෂා රාමසිංහ – ලක්මවට හඩක්”

මේ ආකාරයට ශ්‍රී ලාංකේය දේශපාලනය නව මගකට යොමු කරන බව සඳහන් කරමින් දේශපාලන පොර පිටියට පා තැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් විසින් පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වය ලබාදීමට කාන්තාවන්ගෙන් මේ ආකාරයට ලිංගික අල්ලස් ඉල්ලීම කෙතරම් පහත් පෙලේ ක්‍රියාවක්දැයි අසමි.

එදා පටන් දේශපාලනයේ සිටි දූෂිතයන් පිරිසකගේ මේ නොමනා ක්‍රියාවන් නිසා කාන්තාව හෙට දිනයේ කෙතරම් පහත් තත්වයට සහ මානසික දූෂණයට ලක්වනවා දැයි සමාජයෙන් ප්‍රශ්ණ කරමි. මේ ආකාරයට පොදුජන පෙරමුණේ නායකයින්ගේ පහත් පෙලේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට කාන්තාවන් කීදෙනෙකු පතිවෘතාව බිල්ලට ගෙන ඇත්දැයි සිතාගත හැකිය.
« PREV
NEXT »