BREAKING NEWS
latest

728x90

468x60

Monday, December 18, 2017

යට ගැසී ඇති පැමිණිලි සියල්ලටම ශීඝ්‍රයෙන් නඩු පවරන ක්‍රමයක් ගේනවා - අගමැති

යට ගැසී ඇති පැමිණිලි සියල්ලටම ශීඝ්‍රයෙන් නඩු පවරන ක්‍රමයක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයක් අනුව නීතිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ජා කළ බව කී අගමැතිවරයා පළමුවෙන්ම කරනුයේ පක්ෂයේ අයට විරුද්ධව ඇති චෝදනා සොයා වැරදි හදා ගැනීම බව ද පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ මහරගම බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් අගමැතිවරයා ඊයේ (17) මේ බව පැවැසීය.

එහිදි අගමැතිවරයා මෙසේද කීය.

අපට හංගන්න කිසිවක් නැහැ. උඩ සිට පහළට විවෘත පාලන ක්‍රමයක් අප අනුගමනය කරනවා. එසේම පසුගිය කාලයේ අපරාධ විභාග කරනවා. මෙරට විශාල දූෂණ පැමිණිලි, නඩු ගණනාවක් විභාග කර තිබෙනවා. පොලිසිය පැමිණිලි 93 ක් විභාග කර අවසන් කර නීතිපති වෙත යොමු කිරීමෙන් පසු නඩු 20 ක් නීතිපති විසින් පවරා තිබෙනවා. අධිකරණයේ නඩු ඉක්මනින් ඇසීමේ ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. වසර 5 ක් 6 ක් කල් නොයවා නඩු ඇසීමටත් ඉන්පසු අභියාචනා ඉදිරිපත් කිරීමට කෙටි කාලයක් ලබා දීම මේ යටතේ යෝජනා වී තිබෙනවා. විභාග කර අවසන් පැමිණිලි සඳහා නඩු නොපවරන්නේ ඇයිදැයි රජයට චෝදනා එල්ල වෙනවා. නමුත් නීතිය සහ අධිකරණ ක්‍රමය කඩා දමන්නට හැකියාවක් නැහැ. නීතිය තුළින් ඒ කටයුතු සිදු කිරීම අරමුණයැයිද අගමැතිවරයා කීය.
« PREV
NEXT »