BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 15, 2018

ජනපති මෛත්‍රීගේ ධූර කාලය අවුරුදු 5යි - 2020 අගෝස්තු 17 දිනෙන් අවසන්

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධූර කාලය වසර 5ක් වන බව දැනුම්දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් යොමුකර තිබුණේජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

පසුගිය බ්‍රහස්පතින්දා එය විවෘත අධිකරණයේ දී සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ස්වකීය නිගමනය ඊයේ සවස ජනාධිපති කාර්යාලයට බාරදී තිබේ.

ඒ අනුව 19 වන ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය අනුව එය අවසන් වන්නේ 2020 අගෝස්තු 17 වන දිනයේදී වේ.

19 වන ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය අනුව නව ජනාධිපතිගේ ධූර කාලය ආරම්භ වන්නේ 2015 අගෝස්තු 17 වන සිට බවද සඳහන් වේ.




« PREV
NEXT »