BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 31, 2018

මහින්ද ආරම්භ කල සයිටම් වසා ගෝඨාගේ කොතලාවලින් මුදලට උපාධි. පාදෙනිය එකගයි

තමන් රටේ බලවත්ම වෘත්තීය සමිතිය යැයි පාරම්බාන දොස්තර පාදෙනියගේ GMOව තම දෙපා මුළ දණ ගස්වන ලදී.


(30) උදෑසන GMOව වැඩ වර්ජනයකට ගියේ වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් රාශියක් මුල්කරගනිමිනි. එම කිසිදු ඉල්ලීමකට එකඟ නොවී සවස 1 වනවිට වැඩවර්ජනය ක්‍රියාවිරහිත කරදැමීමට රාජිත ඇමතිවරයා සමත්විය.

සෞඛ්‍ය ලේකම්වරයාගේම අත්සනින් නිකුත් කර ඇති ලිපියට අනුව (29) එනම් දොස්තර වැඩ වර්ජනයට පෙර දින GMOව හා ඇමතිවරයා අතර සාකච්ඡාවේදී ඇතිවූ එකඟතා පමණක් පදනම් කරගනිමින් වර්ජනය නිමාකර ඇත. දොස්තර වැටුප්, දීමනා, වාහන බලපත්‍ර ආදිය සඳහා කිසිදු නව එකඟතාවයකට එළඹි නැති අතර 2017 අයවැය යෝජනා පරිදි 2018 වර්ෂයේ සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය වන පරිමාණයෙන්ම පමණක් දොස්තර වරප්‍රසාද සශෝධනය වනු ඇත.

මෙහිදී රාජිත ඇමතිවරයා ලැබූ සුවිශේෂී ජයග්‍රහණය වන්නේ මෙතෙක් කල් මාලබේ සයිටම් වෛද්‍ය සිසුන් හට රජය පාර්ශවයෙන් සාධාරණයක් ඉටුකරගැනීමට තිබූ ප්‍රධාන බාධකයක් ඉවත්කර ගැනීමයි.

සියළුම සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට අනුබද්ධකොට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෛද්‍ය උපාධියක් ලබා දිය යුතු බව GMO පාර්ශවයෙන් යෝජනා වී තිබෙන අතර රාජිත ඇමතිතුමා ඊට පූර්ණ එකඟතාවය පළකර ඇත.ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාව තුළ මුදල් ගෙවා හෝ අවැසි අයෙකුට වෛද්‍ය උපාධිය හැදෑරීමේ පූර්ණ නිදහස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨය හරහා ලැබෙනු ඇත. මෙය ගෝත්‍රවාදි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට දැඩි කණේ පහරක් එල්ල කරවන ජනතාවාදී තීන්දුවකි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අභිනවයෙන් තේරී පත්වූ වෛද්‍ය පාදෙනිය ඇතුලු GMO සාමාජිකයන් හතරදෙනා සයිටම් ගැටලුව විසඳීමට වෛද්‍ය සභාව තුළ සිට ඇමතිවරයාට පූර්ණ සහය දැක්වීමට එකඟ වී ඇත. ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට කිසිදු විරෝධයක් නොදක්වන බවට ඔවුන් ඇමතිවරයාට සහතික වී ඇත. මෙම සාර්ථක හමුව සම්බන්ධීකරණය කරනලද්දේ අග්‍රාමාත්‍ය උපදේශක දිනේශ් වීරක්කොඩි මහතා විසිනි.
« PREV
NEXT »