Thursday, January 11, 2018
Home
Gossip Lanka News
සැබෑ රණවිරු දඩයම වුණේ පැවැති ආණ්ඩුව සමයේදීයි - ජනපති
සැබෑ රණවිරු දඩයම වුණේ පැවැති ආණ්ඩුව සමයේදීයි - ජනපති
-
Thursday, January 11, 2018
රණවිරු දඩයමක් ගැන අද රජයට චෝදනා කළද රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකළේ පැවැති රජය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමෙන් බවත් ජාත්‍යන්තරයෙන් නැඟුණු චෝදනාවලින් ත්‍රිවිධ හමුදා රණවිරුවන් බේරාගනිමින් ඔවුන්ගේ ගෞරවය සහ අභිමානය රැකගනිමින් යුතුකම් ඉටුකළේ වත්මන් රජය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) අනුරාධපුරයේදී පැවසීය. මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑගසනවා මෙන්ම ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරා යැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බවත් ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ ජනහමු මාලාවේ පළමු ජනහමුව ලෙස Òනිදහසේ ජන හමුවÓ නමින් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම ජනහමුව පැවැත්විණි.
රටට ආදරය කරන විනයගරුක සහ සදාචාරවත් දේශපාලන ගමනකට මංගල පියවර තබන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහජන නියෝජිතයින් සමඟ බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දේශපාලනයට පැමිණ සල්ලි හොයාගෙන, සාක්කු පුරවාගනිමින් ජනතාවගේ හෘද සාක්ෂියට පයින් ගසා ධනේෂ්වරයින් වීමට මෙවර මැතිවරණයෙන් තේරී පත්වන කිසිදු නියෝජිතයෙකුට තමා ඉඩ නොදෙන බවට ද ජනතාවට ප්‍රතිඥා දුන්නේය.
2015 ජනාධිපතිවරණයේදී පැවති රජය පරාජය වීමට හේතු වූ කරුණු ගණනාවක් වසර දෙක තුනක සිට ගොඩනැඟුණද පැවති රජයේ පරාජයට ප්‍රමුඛ හේතුවක් වූයේ පළාත් පාලන නියෝජිතයින් සිදුකළ වංචා දූෂණ සහ අසාධාරණකම් බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට, අගමැති ධුරයට හෝ ජනාධිපති ධුරයට පත්වන කිසිවෙකුට ජනතාවගේ මුදල්වලට අත තැබීමට කිසිදු අයිතියක් නොමැති බව ද අවධාරණය කළේය.
සෑම මැතිවරණයකදීම පොරොන්දු දුන් එහෙත් යථාර්ථයක් බවට පත් නොවුණු මොරගහකන්ද ජලාශය නිමකර රජරට ජනතාව වෙනුවෙන් තිළිණ කළේ එම ගොවි ජනතාව වෙනුවෙන් වූ ඓතිහාසික වගකීමක් ඉටුකරමින් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද ඊට උප්පැන්න ලියා ගැනීමට කතා කරන්නේ වසර 05 ක් යනතුරු ඒ වෙනුවෙන් ශත පහක්වත් ලබා නොදුන් අය වීම කනගාටුවට කරුණක් බව ද කියා සිටියේය. එදා එහි වැඩ කටයුතු සිදුකෙරුණා නම් මොරගහකන්ද ජලයෙන් රජ රට කෙත් වතු සරුසාර වන්නේ මීට වසර 05 කට පෙර සිට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. රණවිරු දඩයමක් ගැන අද රජයට චෝදනා කළද රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකළේ පැවති රජය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කරමින් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තරයෙන් නැඟුණු චෝදනාවලින් යුද, නාවික, ගුවන් රණවිරුවන් බේරාගනිමින් ඔවුන්ගේ ගෞරවය සහ අභිමානය රැක දෙමින් යුතුකම් ඉටුකළේ වත්මන් රජය බව මේ රටේ ජනතාව දන්නා බව ද කියා සිටියේය. දේශප්‍රේමීත්වය, ජාතික අනන්‍යතාවය සහ අපේ උරුමය ආරක්ෂා කරමින් සැමදා මාතෘ භූමිය පෙරට ගෙන ගිය ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා අනාගතයේදී පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට රටට ආදරය කරන සියලු ජනතාව පෙළගැසිය යුතු බව ද කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ, පොදුජන පෙරමුණේ සහ ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන් රැසක් මෙන්ම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කළ අපේක්ෂකයින් ගණනාවක් මෙහිදී ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළකරමින් වේදිකාවට පැමිණීම ද විශේෂත්වයක් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පක්ෂයේ මැති ඇමැතිවරු රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...