Tuesday, January 23, 2018
Home
Gossip Lanka News
කොළඹ ගැටලුවලට දස අවුරුදු සැලැස්මක් - අගමැති
කොළඹ ගැටලුවලට දස අවුරුදු සැලැස්මක් - අගමැති
-
Tuesday, January 23, 2018
කොළඹ ප්‍රදේශයේ ගැටලු විසඳීමට දස අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වැල්ලවත්ත ජනහමුවක් අමතමින් අගමැතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
” විශේෂයෙන්ම 1994න් පස්සේ ආණ්ඩුව කොළඹ අමතක කරා.මං හිතන්නේ අපි බලයට ආපු අවුරුදු 2 හැර කොළඹ කිසිදු වැඩක් සිදු වුණේ නෑ.සැලැස්මක් තිබුණේ නෑ. J.R ජයවර්ධන ,රණසිංහ ප්‍රේමදාස යටතේ පටන් ගත්ත සංවර්ධන සැලැසුම්වලට පස්සේ සැලැස්මක් තිබුණේ නෑ..ඒ නිසා දැන් කොළඹ ප්‍රශ්න ගණනාවක් තියනවා.දැන් කොළඹ ප්‍රශ්න විසදන්න අපිට දස අවුරුදු සැලැස්මක් තියනවා.මේ ඔක්කොම එක සැරේ කරන්න බැහැ.අපි බලන්නේ ඊළඟ අදියරේ දී මේ තට්ටු නිවාස පනස්දහසක් කරන්න.මොකද මේ ඒ අය පවුල් පනස්දහසක් එතනට ගියාම ඒ බොහෝ දෙනෙක් හිටපු ඒ ඉඩම්වල අපිට පුළුවන් අලුත් තට්ටු නිවාස දාන්න.ඒවා තමයි නගරේ තියන නිවාස ප්‍රශ්නය අපිට විසදන්න තියෙන්නේ.කොළඹ දියුණු කරන්න ඒ දියුණුව ඉදිරියට ගෙනියන්න අපිට උවමනායි. ආණ්ඩුව එක්ක වැඩ කරන්න පුළුවන් කොළඹ මහනගර සභාවක් ආණ්ඩු බලය අපේ තියෙන්න ඕනෑ. ඒත් ඒක නගරෙට ගේන්න මහ නගර සභාවක් ඕනේ. එහෙනම් පෙබරවාරි 10 වැනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න.”
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙය සංවිධාන කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා, පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය ඇතුළු නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...