BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 11, 2018

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ජනපති අතින් විවෘත කෙරේ

වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති විවෘත කිරීම අද (10) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, මහබුලන්කුලම තිබ්බටුවාව ශ්‍රී විජය විහාරස්ථානයේදී දී සිදුකෙරිණි.

තිබ්බටුවාව ශ්‍රී විජය විහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ එම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය විවෘත කළ අතර අනතුරුව තලාව, පහළතලාව, ගල්නෑව, තිරප්පනේ යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති දහයක් ද දුරස්ථ පාලන තාක්ෂණය උපයෝගි කරගනිමින් විවෘත කරනු ලැබීය.


වකුගඩු රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් මෙහිදී සංවිධානය කර තිබුණි.
අමාත්‍ය මහින්ද අමරවීර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක , හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »