BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 18, 2018

එස්.බී., තිලංග,ඩිලාන්,සුසිල්,ගේ යටි මඩි ගැන පරීක්ෂණ ඇරඹේ

වර්තමාන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් වන එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, ඩිලාන් පෙරේරා, හා තිලංග සුමතිපාල යන අය පෙර වැරදි කිහිපයක් පිළිබද පරීක්ෂණ ඇරඹීමට තීරණය කොට ඇති බව තොරුතුරු වාර්තාවේ.එස්.බී. දිසානායක ඇමතිවරයාට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඔහු උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටියදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුගේ නිවසක් තම නමට පවරා ගැනීම සම්බන්ධවන චෝදනාව වන අතර තිලංග සුමතිපාලට එරෙහිව ඇති චෝදනාව වන්නේ බැද්දගානේ සංජීව නැමැත්තා ඝාතනය කිරීම සදහා වන සම්බන්ධයක් පිළිබද චෝදනාවයි.
එසේම ඩිලාන් පෙරේරාට එරෙහිව ඇති චෝදනාව වන්නේ විදෙස් රැකියා ලබාදීමේදී වූ වංචාවක් වන අතර සුසිල් ප්‍රේම්ජයන්තට එරෙහිව ඇති චෝදනාව වී ඇත්තේ ඔහු ඛනිජ තෙල් ඇමතිවරයාව සිටියදී සිදුවූ වංචා හා චෝදනාවන් පිළිබද ව වන කරුණකි.


මෙම වැරදි සම්බන්ධයෙන් දිගු කාලීනව ප්‍රශ්න පැන නැගී තිබූ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරමින් සිටිම හේතුවෙන් මෙම පරීක්ෂණ යට ගිය බවට චෝදනාවක්ද එල්ලවී තිබිණි. මෙවන් තත්වයක් තුළ නැවත මෙම පරීක්ෂණ ඇරඹීමට කටයුතු යොදා ඇති බවදතොරතුරු වාර්තාවේ.

lankatarget
« PREV
NEXT »