BREAKING NEWS
latest

728x90

468x60

Monday, May 28, 2018

මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට නුදුරේදීම පත්කරනවා - අභිනව සභාපති වැඩ භාරගනිමින් කියයි

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ 20 වන සභාපතිවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මැතිතුමා විසින් පත් කල සිංහ, බිනර ජයවර්ධන මහතා අද (28) පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ දී වැඩ භාර ගනු ලැබීය.

වැඩ භාර ගනිමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ මේ වන විට අතිශය පාඩු ලබන තත්ත්වයක පවතින මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා ඉක්මණින් ලාභ ලබන ආයතනයක් බවට පත් කරන අතර මේ වසර අවසන් වීමට පෙර එහි සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එසේම පවතින සම්පත්වලින් උපරිම කාර්යක්ෂම සහ පලදායි සේවාවන් රැසක් ඉටු කිරීමට නායකත්වය ගැනීමටත් , සේවක සුභ සිද්ධිය සහ සුභ සාධනය ඉහල නැංවීමටත් තම පාලන සමය තුල බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පැවසිය.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව සංස්ථා සේවකයන් විසින් සංවිධානය කල පිළිගැනීමේ උත්සවයකට ද සභාපතිවරයා සහභාගී විය.

පාසල් පෙළපොත් අඩුපාඩුවකින් තොරව නොපමාව ශ්‍රී ලාංකීය සිසු පරපුරට ලබා දීමේ අරමුණු පෙරදැරිව 1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා පනතින් ආරම්භ කළ මෙම ආයතනය වර්තමානයේ පාසල් පෙළපොතට අමතරව තම ඍජු වෙළෙඳ නාමය යටතේ පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මුද්‍රණ හා ප‍්‍රකාශන කටයුතුවල ප‍්‍රකට නමක් දිනා ඇත.

බිනර ජයවර්ධන මහතා දිස්ත්‍රික් 306 C-2 සිංහ සමාජයේ උප සිංහාධිපතිවරයා ලෙසද කටයුතු කරන සමාජ සේවකයෙක් ලෙස කිර්තියක් දිනා සිටින අයෙකි
« PREV
NEXT »