BREAKING NEWS
latest

728x90

468x60

Sunday, May 20, 2018

ගාල්ල - මාතර - රත්නපුර සහ කැළණි ගඟ අවට අවධානම් - ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සීරුවෙන්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟ  පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළු ගඟ සහ අත්තනගලූ ඔය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගිං ගඟේ ජල මට්ටම තවලම ප‍්‍රදේශයන්ගෙන් පිටාර මට්ටමට පැමිණ ඇති අතර කළුගඟ  මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් හා අත්තනගලූ ඔය දුනමලේ ප‍්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.

ගිං ගඟ පිටාර මට්ටමට ආසන්න වීමෙන් බද්දේගම, බෝපේ,  පොද්දල, වැලිවිටිය, දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ප‍්‍රදේශයන් සහ උඩුගම අකුරැස්ස, ඇල්පිටිය තවලම, පිටිගල ගවලම යන මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින අතර කළු ගඟ  පිටාර ගියහොත් මදුරාවල, , බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප‍්‍රදේශයනුත්, අත්තනගලූ ඔයේ ජල මට්ටම තව දුරටත් ඉහළ ගියගොත් මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ ප‍්‍රදේශයනුත් ජලයෙන් යට විය හැකි බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා) ඉංජිනේරු ආර්.එම්.එම්.ආර් අලවතුගොඩ මහතා පැවසීය.



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ආපදා කලමණාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහතකට පෙර ආපදා කමිටුව රැස්ව ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම දිවයින පුරා ඇතිව තිබෙන ආපදා තත්වය හේතුකොට ජනතාවට සහාය දීම සහ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයට මුහුණ දිය යුතු ආකාරය පිළිබද මෙහිදී සාකච්ඡා වී ඇත.

මේ අතර අාපදාවන්වලදී සහන සැලසීම සඳහා සියලුම දිස්ත්‍රික්ක සඳහා මේ වන විට දිසාපතිවරුන්ට රුපියල් මිලියනය බැඟින් ලබාදී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ නමුත් මේවන විට ගාල්ල , මාතර , රත්නපුර සහ කැළණි ගඟ අවට ප්‍රදේශවල ජනතාවට අවධානමෙන් පසුවන ලෙස ජාතික ආපදා  කළමණාකරන මධ්‍යස්තානය පවසයි. 



හදිසි අවස්ථාවකදී හෝ යම් ගැටළුවක් ඇත්නම් පැය 24ම ක්‍රියාත්මක ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්තානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය පහත දුරකතන අංකවලින් ඇමතිය හැක.


117
011 2 670 002
011 2 136 136


« PREV
NEXT »