Sunday, June 17, 2018
Home
Gossip Lanka News
බැසිල්ගේ පහරවල් හමුවේ ගොඨාට මහින්දගෙන් සපෝර්ටි එකක් - කටුනායක සිද්ධිය වෙලාවෙ අපි පොලිස්පතිට ඉවත්වෙන්න කිවුවා - මහින්ද
බැසිල්ගේ පහරවල් හමුවේ ගොඨාට මහින්දගෙන් සපෝර්ටි එකක් - කටුනායක සිද්ධිය වෙලාවෙ අපි පොලිස්පතිට ඉවත්වෙන්න කිවුවා - මහින්ද
-
Sunday, June 17, 2018
තම පාලන කාලය තුල කටුනායක ඇතිවූ සිදුවීමට වගකීම බාරගෙන එවකට පොලිස්පතිවරයා ඉල්ලා අස් වූ බවත් තමන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි කියූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
අද හුගක් අයට ඒවා අමතක බවද කී රාජපක්‍ෂ මහතා අද මොනතරම් අපරාධ සිදුවුවත් පොලිස්පතිවරයා භාවනා කරමින් සිටින්නේ යයිද සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ වරකාපොල ප‍්‍රදේශයේ විහරස්ථානයක පැවති උත්සවයක් අමතමිනි.
මේ අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අම්බලන්ගොඩදී කියා සිටියේ පසුගිය රජය සමයේ සිදු වූ රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් සීමාව ඉක්මවා යාම් බවත් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත්ය.
ආසන්න කාල පරාසයන් දෙකක් තුල එකම කාරණයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ සොහොයුරා විසින් අදහස් පල කිරීම ගැන සමාජ ජාලාවන්හි පලවන්නේ විවිධ අදහස්ය.
හිටපු ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්‍ෂ මතතාගේ පූර්ව ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති බව බොහෝ සමාජ ජාලා පරිශීලකයන්ගේ මතයයි.
නමුත් පසුගිය දිනක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ තමන්ද ඇතුළු පසුගිය ආණ්ඩු කාලයේදී අඩුපාඩු වූ බවත් ඉදිරි නව ආණ්ඩුව යටතේ එවන් අඩු පාඩු සිදු නොවිය යුතු බවත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය රජය සමයේ සිදු වූ රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් සීමාව ඉක්මවා යාම් බවද පවසන බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවද සදහන් කරයි.
ජාතික ආරක්ෂාව නාමයෙන් පුද්ගල නිදහස ඉක්මවා නොයා යුතු යයිද ඔහු කියා සිටියේ දකුණු පළාත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මන්ත‍්‍රී හමුව අම්බලන්ගොඩදී අමතමිනි.
බැසිල් රාජපක්ෂ මහතා විසින් චෝදනා කරන රතුපස්වල, හලාවත, කටුනායක සිදුවීම් සම්බන්දයෙන් එදා මෙන්ම අදද ඉලක්ක කරමින් චෝදනා එල්ල කෙරෙන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාටයි.
බැසිල් රාජපක්‍ෂ මහතාගේ මෙම ප‍්‍රකාශය ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරමින් කියන ලද්දක් යයි බොහෝ අන්තර්ජාල මාධ්‍ය මෙන්ම සමාජ ජාලා පිටුද වර ගන්වමින් විවිධ අර්ත නිරූපනයන් දෙමින් තිබේ. එමෙන්ම මේ හරහාම ගෝඨාබය රාජපක්ෂ යනු මිනිමරුවකු, අපරාධකරුවකු යන අදහස බැසිල් රාජපක්ෂ සමාජයට ලබා දෙයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...