BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, September 19, 2017

නීතිය සහ බුද්ධාගම රැක ගන්න කියලා දෙන්න ආපු නාමල්ට රන්ජන් රිදෙන්න දීපු උත්තරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකව සඳහන් කරමින් නිකුත් කරන ලද පණිවිඩයක් නිසා ට්විටර් සමාජ ජාලය මේ වන විට දැඩි කතා බහක් ඇති වි තිබෙනවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකව සඳහන් කරමින් සඳහන් කර ඇත්තේ,

“නීතිවේදීන් ගැන සහ ආගමික නායකයන්ගේ වැරදි කතා කරන්න කලින් ඔබගේ පක්ෂයේ සිටින දූෂිත පුද්ගලයන් ගැන පළමුව කතා කරන ලෙසයි..!

ඊට පිළිතුරු වශයෙන් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් සඳහන් කර ඇත්තේ,

“අති පූජනීය මහනායක හිමිවරුන් තම විරුද්ධතාවය ප්‍රකාශ කොට තිබියදිත් දළඳහා මාළිගාව වටා නයිට් රේස් පැවැත්වූයේ ඇයිද යන්න පැහැදිලි කර දෙන ලෙසයි.. එමෙන්ම අද තමා ප්‍රකාශ කරන දෙයම එදා ඔබ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා විසින් ප්‍රකාශ කොට තිබියදී ඔබ සහ ඔබගේ පියා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිශ්ෂබ්දව සිටියේ ඇයිද යන්නය..”

මෙම ප්‍රශ්න වලට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් පිළිතුරු සපයා නැති අතර මේත් සමගම රාජපක්ෂ ආණ්ඩුවේ ගරු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතා විසින් ප්‍රකාශ කල දුශ්ෂීල භික්ෂූන් වහන්සේලා සම්බුද්ධ ශාසනය විනාශ කරන අයුරු සඳහන් ප්‍රවෘත්තිය නැවත ප්‍රචාරය වීමට පටන් ගෙන තිබෙනවා…



« PREV
NEXT »