Saturday, September 09, 2017
Home
Gossip Lanka News
අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පවරන තීරණයක් නෑ
අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පවරන තීරණයක් නෑ
-
Saturday, September 09, 2017
දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගය පාලනය මාර්ග සංවර්ධන අධිකාරියෙන් බැහැරව වෙනත් පාර්ශ්වයකට පැවරීමට ආණ්ඩුව සුදානම් වන බවට සැකයක් සේවකයින් තුළ මතු ව ඇති බවත් එවැනි කිසිඳු තීන්දුවක් ගෙන නොමැති බවත් කිරිඇල්ල මහතා අවධාරණය කරයි. අධිවේගී මාර්ගයන් හී කළමනාකරණ කටයුතු නව තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ලෙස ඉටු කිරීමේ හැකියාව පිළිබඳව හා නව අධිවේගී මාර්ග ඉදිකිරීම හා පවතින මාර්ග තව දුරටත් සංවර්ධනය කිරීම සඳහා සෘජු විදේශ ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ආණුඩුව කරුණු අධ්‍යයනය කරනු ලබන බවද ඒ මහතා අවධාරණය කරයි.
අධිවේගී කළමනාකරණයේ දුර්වලතාවයන් මඟ හරවා ගැනීමට සුදුසු දැනුම හා අත්දැකීම් ඇති පාර්ශ්වයන් හවුල් කැර ගැනීමේ හැකියාව හා නවීන තාක්ෂණය යොදා ගැනීමේ අවශ්‍යතාවය ගැන ද රජය අවධානය යොමු කැර තිබෙන බවත් ප්‍රකාශ කරයි.
අධිවේගී මාර්ග සම්බන්ධයෙන් ආණුඩුව අවධානය යොමු කැර ඇති කරුණු හදුනා ගැනීමෙන් පසු මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු ම සේවක පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි.
