BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 18, 2017

මා ගැන බොරු ප්‍රකාශ කළ රන්ජන් ඇතුළු පිරිසට අපහාස නඩු දමනවා - ශෂී වීරවංශ

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇතුළු කීපදෙනකුට එරෙහිව ඉදිරියේදී අපහාස නඩු පවරන බව ශෂී වීරවංශ මහත්මිය ඊයේ (17 දා) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ කොළඹ පුස්‌තකාල සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී 2016 ඔක්‌තෝබර් 25 වැනිදා අභිරහස්‌ ලෙස මියගිය 28 හැවිරිදි ලහිරු ජනිත් නමැති තරුණයාගේ මරණය ස්‌වාභාවිකව හෘදයේ ඇති වූ රෝගී තත්ත්වයක්‌ මත සිදුවුවක්‌ බවත් එය මිනීමැරුමක්‌ නොවන බවට කඩුවෙල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා පසුගියදා තීන්දුවක්‌ ලබාදුන් බවත් සත්‍ය ගවේෂණ සංගමයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා එහිදී පැවසීය.

අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවට අනුව ශරීර අභ්‍යන්තරයේ කිසිදු රුධිර වහනය වීමක්‌ සිදුවී නැති බවත් ව්‍යාඝ්‍රා සහ මත්ද්‍රව්‍ය වර්ගයක්‌ පානය කර නොමැති බවත් වාර්තාවේ සඳහන් වී තිබූ බව ද ඒ මහතා පැවසීය.

මරණය සිදුවී ඇත්තේ හදවතේ මාංශ පේශීවල ඇති වූ හදිසි රෝගී තත්ත්වයක්‌ මත නිසි ලෙස හෘදය ක්‍රියාත්මක නොවී දීර්ඝ කාලයක්‌ පෙනහළුවල ජලය තැන්පත් වී ඇති වූ කාටියෝමයෝපති නමැති රෝගී තත්ත්වය නිසා බව ද හෙතෙම කියා සිටියේය.

එම වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගෙන ලහිරු ජනිත් නමැති තරුණයාගේ මරණය ස්‌වාභාවික මරණයක්‌ බවට කඩුවෙල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා තීන්දුවක්‌ ලබාදී ඇතැයි ඒ මහතා කීය.

මෙම මරණය සම්බන්ධයෙන් දේශපාලනඥයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් විශේෂයෙන් රන්ජන් රාමනායක වැනි පුද්ගලයන් හට ඉදිරියේදී අපහාස නඩු ගොනු කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්‌ථාවට විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ද සහභාගි වූවාය.
« PREV
NEXT »