BREAKING NEWS
latest

728x90

468x60

Monday, October 16, 2017

අගමැතිත් බැඳුම්කර කොමිසමට

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින්, කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටි බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය කාර්යාලය මේ බව පෙන්වා දී තිබේ.

ජනවාරි 08 වන දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීමට හෙයින්, රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිලිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ද, සොයා බැලීමට ද රජය හැම විටම ක්‍රියා කර ඇති බව ද, ඉදිරියට ද ඒ පිළිවෙතම අනුගමනය කරන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් එම නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.
« PREV
NEXT »