Tuesday, November 14, 2017
Home
Gossip Lanka News
සුරක්ෂා සිසු රක්ෂණයෙන් සිසුන් 15කට දැනටම ප්‍රතිලාභ ගෙවා අවසන්
සුරක්ෂා සිසු රක්ෂණයෙන් සිසුන් 15කට දැනටම ප්‍රතිලාභ ගෙවා අවසන්
-
Tuesday, November 14, 2017
අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය ඔක්තෝබර් 01දා සිට ආරම්භ කර ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ සිසුන් 15 දෙනකුට මේ වනවිට ප්‍රතිලාභ ගෙවා අවසන්ව තිබේ.
මවුපිය මරණ දෙකක් වෙනුවෙන් රුපියල් හැත්තෑපන් දහස බැගින් ගෙවීමේ අවස්ථා දෙකක් ද මෙයට ඇතුළත්ව තිබේ.
එමෙන්ම, මේ දක්වා රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලුම්පත් 82ක් සිසුන් වෙනුවෙන් ඉදිරිපත්ව ඇති බව ඒ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසුමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ සෞඛ්‍ය හා පෝෂණ රේණුකා පීරිස් මහත්මිය පැවැසුවාය. ලැබී ඇති ඉල්ලුම්පත් අතර සිසු මරණයක් වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලුම්පතක් ද වන බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ සිසු මරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් හිමි වේ.
දිවයිනේ සියලු ම ජාතික සහ පළාත් පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සියලු සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. ඒ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් හිමි වන අතර, ලක්ෂ 45 කට ආසන්න පිරිසක් ඒ යටතේ ආවරණය වේ
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...