Tuesday, November 14, 2017
Home
Gossip Lanka News
ශ්‍රී ලංකන් ඇ.ඩොලර් කෝටි 74 ක් ණයට අරන් - මූල්‍ය පාලනය මුළුමනින්ම කඩා වැටී තිබූ බව අගමැති කියයි
ශ්‍රී ලංකන් ඇ.ඩොලර් කෝටි 74 ක් ණයට අරන් - මූල්‍ය පාලනය මුළුමනින්ම කඩා වැටී තිබූ බව අගමැති කියයි
-
Tuesday, November 14, 2017
ශ්‍රී ලංකන් ආයතනය සඳහා පසුගියරජය සමයේ ලබාගෙන ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් කෝටි 74 ක් බවත් එම කාලය තතුළ මූල්‍ය පාලනය මුළුමනින්ම කඩා වැටී තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (13) පැවසීය.
රාජ්‍ය මුදල් පාලනය පාර්ලිමේන්තුව විසින් සිදුකළ යුතු වුවත් පසුගිය කාලයේදී රාජ්‍ය ගිණුම් කාරක සභාවන් පවා අමතක කර කටයුතු කළ බවත් අගමැතිවරයා සිහිපත් කෙළේය.
පසුගිය පාලන සමයේදී ඇතැම් ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන තිබූ ණය මුදල් වලින් එක් ව්‍යාපෘතියක් නොව ව්‍යාපෘති දෙක තුනක් වුව ආරම්භ කිරීමේ හැකියාව තිබූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කීය.
ශ්‍රී ලංකන් ආයතනය වෙනුවෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් කෝටි හතලිහක මුදලක් රජයේ බැංකු දෙකකින් හා මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට සිදුව ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ණය බරින් රට බේරාගෙන සංවර්ධනය කිරීම පාර්ලිමේන්තුව තුළින් කළයුතු බව ණය බර ඉදිරි පරම්පරාවට ඉතිරි නොකර අපගේ පව් අප විසින්ම ගෙවා දැමිය යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ ගිණුම් නිවැරදි ලෙස පවත්වාගෙන යමින් නිවැරදි මූල්‍ය ක්‍රමවේදයක් පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන වලට ඇගයීම් සම්මාන පිරිනැමීම නිමිත්තෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...