Wednesday, November 08, 2017
Home
Gossip Lanka News
මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 6ක බදු අඩුවේ - පෙට්‍රල් ගැනත් ඉගියක්
මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 6ක බදු අඩුවේ - පෙට්‍රල් ගැනත් ඉගියක්
-
Wednesday, November 08, 2017
පෙට්‍රල් ඇතුළු ඉන්ධන පිළිබඳව ද විශේෂ ප්‍රවෘත්තිය වෙනත් ස්ථානයකින් දැන ගන්නට ලැබෙන බව මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද(08) කියා සිටියා.
ඔහු මේ බව කියා සිටියේ , අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 6 ක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කර තිබෙන බව ප්‍රකාශ කළ මාධ්‍ය හමුවේ දී පෙට්‍රල් අර්බුදය ගැන මාධ්‍ය විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළේ අර්තාපල්, ලොකු ළුෑණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල බදු පහත දමා ඇති බවයි.
ඒ අනුව අර්තාපල් සහ ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39 කින් සහ පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 12 කින් අඩුකර තිබෙනවා.
කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර ඇත්තේ රුපියල් 50 කින්.
පොල් තෙල් හා එළවලු තෙල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ද රු. 25කින් පහත දමා තිබෙනවා.
අඩුවෙනවා වැඩිවෙනවා : වැඩිවෙනවා අඩුවෙනවා මංගලගෙ අය වැය.
ශ්‍රී ලංකාව පොහොසත් හා බලවත් ජනතාවක් වෙසෙන රටක් බවට පත් කිරීමේ ආර්ථික ක්‍රමෝපාය හා යෝජනා සහිත 2018 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා හෙට (09දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් ඇමැති මංගල සමරවීර හෙට සිය මංගල අය වැය වශයෙන් ඉදිරිපත් කරන්නේ නිදහස් ලංකාවේ 71 වන අය වැයයි.
මෛත්‍රි - රනිල් යහපාලන ආණ්ඩුවේ තුන්වැනි අය වැය මෙයයි. ජනතාව මුහුණ පා සිටින ආර්ථික කාරණා මඟ හරවා ගැනීම සඳහා මෙවර අය වැයෙන් උපාය මාර්ග හඳුන්වා දීම විශේෂත්වයක් වන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා ණය කන්දරාවේ අභියෝගය !
රට මුහුණ පා ඇති මහා ණය අභියෝගය ජය ගැනීම, අය හා වැය අතර පරතරය අවම කර ගැනීම, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම පිණිස වන නව බදු ක්‍රම හඳුන්වාදීම, රැකියා වර්ධනය, ජනතාවගේ ආදායම වැඩිකිරීම සඳහාත් යෝජනා රැසක්ම මුදල් ඇමැති මංගල සමරවීරගේ මංගල අය වැයෙන් අපේක්‍ෂා කළ හැකි බව ද එම ආරංචි මාර්ග පවසයි.
අය වැය ලේඛනය හෙට ඉදිරිපත් කිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙන බව කතානායක කරු ජයසූරිය ඊයේ (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අය වැය ලේඛනය පිළිබඳ විවාදය අනිද්දා (10දා) ආරම්භ කෙරේ.
අය වැය විවාදය හෙවත් 2018 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය 16 වැනිදා දක්වා පැවැත්වේ. ඡන්ද විමසීම එදින සවස 5.00ට සිදුකෙරේ.
තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම දෙසැම්බර් 09 වැනිදා සවස 5ට පැවැත්වේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා වෙබ් මාධ්‍යවේදීන් අතර හමුවක් ඊයේ (07) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති අතර එහිදී ඇය වැය සම්බන්ධයෙන් ඉඟියක් ලබාදෙන ලෙස වෙබ් මාධ්‍යවේදීන් ඉල්ලීමක් කළ අතර එහිදී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ “අඩුවෙනවා වැඩිවෙනවා : වැඩිවෙනවා අඩුවෙනවා“ යනුවෙනි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...