BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 02, 2017

ලුණුගම්වෙහෙර ‘සදිසිගම’ උදා ගම්මානය අද ජනතා අයිතියට

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 45 වැනි උදා ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර සද්ධාතිස්සපුර 'සදිසිගම' වේ. අද එනම් නොවැම්බර් මස 02 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙම ගම්මානය ජනතා අයිතියට පැවරීමට නියමිතය.

නව නිවාස 32කින් සමන්විත 'සදිසිගම' ගම්මානය ඉදිකිරීම ඇරඹුණේ 2016 ජුනි මස 22 වැනිදාය. නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභින් වෙත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩුපොළී නිවාස ණය ලෙස ලබාදී ඇති අතර මෙයද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

'සදිසිගම' ගම්මානයේ භූමි ප්‍රමාණය අක්කර 4 1/2කි. සෑම නිවසක්ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විතය. ගම්මානය විදුලිය හා පිරිසුදු පානීය ජල සැපයුමකින්ද විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. ගම්මානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 17.6කි.
« PREV
NEXT »