Saturday, November 18, 2017
Home
Gossip Lanka News
ගෝඨාට අල්ලස් චෝදනා
ගෝඨාට අල්ලස් චෝදනා
-
Saturday, November 18, 2017
රුපියල් බිලියන 11.4ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අටදෙනකුට එරෙහි අල්ලස් නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසට මූලික විරෝධතා ගොනු කරමින් විත්තිය අධිකරණයෙන් කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නඩුව විභාගය සඳහා දින නියම කළේය.
සිද්ධිය ඊයේ (17) නැවත කැඳවූ අවස්ථාවේ දී මූලික විරෝධතා සම්බන්ධ නියෝගය නිකුත් කිරීමට නියමිතව තිබූ අතර, දිර්ඝ නියෝගයක් ඉදිරිපත් කරමින් මහෙස්ත්‍රාත්වරයා විත්තියේ විරෝධතාව ප්‍රතික්ෂේප කළේය.
අනතුරුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව විත්තිකරුවන් වෙත චෝදනා 19ක් යටතේ වූ චෝදනා පත්‍රය කියවාදීම සිදු වූ අතර, අදාළ චෝදනාවන්ට වරදකරු හෝ නිවැරැදිකරු පැවැසීම සඳහා නියෝගය ද අධ්‍යයනය කර පිළිතුරක් ලබා දීමට කාලය අවශ්‍ය බවට විත්තිය අධිකරණය වෙත දැනුම් දුන්නේය. මෙහි දී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරනු ලැබුවේ වරද පිළිගන්නේ නම් දඬුවම් නිකුත් කරන බවත් නිහඬව සිටින්නේ නම් වරද නොපිළිගන්නේ යැයි සලකා නඩුව විභාගය සඳහා දින නියම කරන බව සඳහන් කරමින් නඩු විභාගයට සූදානම් දැයි විත්තියෙන් විමසා නඩුව විභාගය සඳහා විත්තියේ එකඟත්වය මත පෙබරවාරි 26 හා මාර්තු 26 යන දෙදින නඩු විභාගය සඳහා නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශ්ශංක බණ්ඩාර මහතා සඳහන් කළේ නඩු පැවැරීම 2016 වර්ෂයේ සිදු වූ බවත් නඩුව අධ්‍යයනය සඳහා අවශ්‍ය තරම් කාලය ලැබී තිබෙන බවත් නීතියේ ප්‍රතිපාදන නොමැති වුවත් 208ක් නඩුවේ ලේඛන විත්තිය සඳහා ස්වේච්ඡාවෙන් ලබා දීමට එකඟත්වය පළ කළේය. අදාළ එකඟත්වය සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා දෙසැම්බර් 8 වැනි දිනට පෙර එම ලේඛන විත්තිය වෙත ලබා දෙන ලෙසට නියෝග කළේය.
සිද්ධිය ඊයේ (17) නැවත කැඳ වූ අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
රුපියල් බිලියන 11.4ක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව විත්තිකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ සහකාර ලේකම් දමයන්ති ජයරත්න, හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු, හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල, හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ, හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ෆැන්සිස් ජයරත්න යන අය නම් කර ඇත. විත්තිකරුවන්ට එරෙහිව 2016/9/1 වැනි දින අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ නඩුව පැවරිණ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...