Saturday, November 18, 2017
Home
Gossip Lanka News
ගිංතොට දැන් සංසුන් - ජාතිවාදී ගැටුම් ඇති කරන්නන්ට ඇමති සාගලගෙන් රතු නිවේදනයක්
ගිංතොට දැන් සංසුන් - ජාතිවාදී ගැටුම් ඇති කරන්නන්ට ඇමති සාගලගෙන් රතු නිවේදනයක්
-
Saturday, November 18, 2017
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය පුදකරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී ඔහු මෙසේ ද කීය.
මේ වෙනකොට ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලා තත්ත්වය පාලනය කරලා ප්‍රදේශයේ නීතිය හා සාමය ස්ථාපිත කරලා තියනවාකියලා.ඊයේ රාත්‍රියේ ම අවට සියලුම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවුවා.
ඒ වගේමජනාධිපතිතුමාගේ සහ පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළා. ඒ වගේම මම කියන්න කැමතියි මේ සිද්ධිය මහා ජාතිවාදී ගැටුමක් බවට පත් කරගන්නට ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම් අසාර්ථක උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා.ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලන්න කැමතියි මේ අන්තවාදී දේශපාලන කල්ලි කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා.
ඒ වගේම තමයි ඒ දේශපාලන කල්ලි කණ්ඩායම්වල උදවිය මේවන විට ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් ඉන්නවා. මම ඔවුන්ට දැනුම් දෙනවා මේකටයුතු වහාම නවත්වන්න කියලා. ඒ වගේම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරවන ආකාරයේ ප්‍රචාර කවර හෝ ආකාරයකින් සිදුකරන සියලුම දෙනාට තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කරනවා කියන දේ මම ඔවුන්ට දැනුම් දෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වන්නේ හානි අවම වන අයුරින්. මේ සිද්ධියෙන් පටු දේශපාලන වාසි ගන්න හිතාගෙන අසත්‍ය ප්‍රචාර ගෙනියන්න එපා කියන දේ මම නැවත නැවතත් කියනවා. යැයි අමාත්‍යවරයා කීය.
ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් මේ පුවත සඳහා ඔබ ආයතනයෙන් පුළුල් ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...