Monday, November 20, 2017
Home
Gossip Lanka News
අගමැති අද බැඳුම්කර කොමිසම හමුවට - අගමැති එක්ක මගේ කිසිදු ගැටලුවක් නෑ - ජනපති
අගමැති අද බැඳුම්කර කොමිසම හමුවට - අගමැති එක්ක මගේ කිසිදු ගැටලුවක් නෑ - ජනපති
-
Monday, November 20, 2017
මහ බැංකු බැඳුම්කර මහා සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක යෙදෙන ජනාධිපති විමර්ශන කොමිසම නිකුත් කළ නොතීසියක් අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20දා) එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතට පත්කර ගැනීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි අධිපතිවරයා වශයෙන් පත්කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලන කාලය තුළ පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී සිදුව ඇති බවට අනාවරණය වී ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති ජනාධිපති විමර්ශන කොමිසම මෙලෙස අගමැතිවරයා කොමිසම හමුවේ ප්‍රසිද්ධ සාක්ෂි විභාගයක් සඳහා කැඳවා ඇත්තේ ඔහුගෙන් කොමිසමට තහවුරු කර ගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දිවුරුම් පිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
අගමැතිවරයාගේ නම කොමිසම හමුවේ සාක්ෂි දුන් ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙනකුගේම සාක්ෂිවලදී සඳහන් වීමත්, ප්‍රථම ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය සිදුවූ දිනයේම (2015 පෙබ. 27 දින) උදේ 7.39 සිට රාත්‍රි 8.08 දක්වා කාලය තුළ අර්ජුන මහේන්ද්‍රන් හා අගමැතිවරයා අතර දුරකතන සංවාද 10ක්ම පැවැත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යා විමර්ශන මඟින් කොමිසම හමුවේ අනාවරණය කිරීමත් මත එම කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් මෙලෙස දිවුරුම් පිට ප්‍රකාශ ලබාගත යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුවේ කොමිසමට සහාය වන රාජ්‍ය නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ජේයෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
කොමිසම ඉකුත් ඔක්තෝබර් මස 16 වැනි දින ප්‍රථම වරට ප්‍රශ්න මාලාවක් යොමු කරමින් ඒවාට දිවුරුම් ප්‍රකාශ සහිතව පිළිතුරු ලබාදෙන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි අතර සති 02කට පසු අගමැතිවරයා එම ප්‍රශ්න මාලාවට පිළිතුරු පත්‍රයක් එවා ඇත.
කොමිසම හමුවේ අනාවරණය වී ඇති කරුණු සම්බන්ධයෙන් කොමිසමට අවශ්‍යව ඇති තහවුරු කර ගැනීම් සඳහා එකී පිළිතුරු ප්‍රමාණවත් නොවන බව නීතිපති අංශය විසින් පෙන්වා දී ඇති අතර ඒ අනුව දෙවැනි වරටත් තවත් ප්‍රශ්න මාලාවක් මේ මස මුල් සතියේදී අගමැතිවරයා වෙත යොමුකරනු ලැබීය.
එම ප්‍රශ්න මාලාව නීතිපති අංශය විසින්ම පිළියෙල කරන ලද්දක් වන අතර, එකී ප්‍රශ්න මාලාවට ඉකුත් සිකුරාදා වනතුරුත් අගමැතිවරයාගෙන් පිළිතුරු ලැබී නොතිබිණි.
අද දිනයේ කොමිසම හමුවේදී එකී ප්‍රශ්න අගමැතිවරයාට විවෘත සාක්ෂි විභාගයේදී ඉදිරිපත් කොට දිවුරුම්පිට ඒවාට අගමැතිවරයාගෙන් පිළිතුරු ලබාගැනීමට නියමිතය.
ප්‍රශ්න කරන්නේ නීතිපති
අගමැතිවරයාගෙන් මෙහිදී නීතිපතිවරයා විසින් ප්‍රශ්න කිරීමට නියමිතය.
අගමැති එක්ක මගේ කිසිදු ගැටලුවක් නෑ
තමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු ගැටලුවක් නොමැති බවත් විවිධ කටකතාවලට නොරැවටෙන ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රි පිරිසක් අතර මෙම විශේෂ සාකච්ඡාව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී සිදුවූ බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මේ අවස්ථාවට සහභාගි වූ බවත් එක්සත් ජාතික පක්‍ෂයේ ජේයෂ්ඨයෙක් ප්‍රකාශ කෙළේය.
ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි ආණ්ඩුව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ඒවා විශ්වාස නොකරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද එක්සත් ජාතික පක්‍ෂයේ එම ජේයෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.
අගමැති කොමිසමට යන්නේ රටට ආදර්ශයක් දීමටයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමට යන්නේ මුළු රටටම ආදර්ශයක් ලබාදීමට බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ජනාධිපති කොමිසමෙන් පැමිණෙන ලෙසට කිසිදු දැනුම්දීමක් සිදු නොකර තිබියදී අග්‍රාමාත්‍යවරයා කොමිසමට යන්නේ ස්වකැමැත්තෙන් බවත් එය සියලුම දේශපාලන නායකයන්ට ආදර්ශයක් බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කොමිසම අවට දැඩි රැකවල්
අද (20දා) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බලන ජනාධිපති කොමිසම පිහිටි පරිශ්‍රයට සහ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර ඇතැයි පොලිස් මූලස්ථාන ජේයෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.
මේ සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමට කටයුතු යොදා ඇතැයි එම ජේයෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...