Monday, November 20, 2017
Home
Gossip Lanka News
හැමදෙනාම සමගියෙන් ඉන්න ඕනෑ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා - අගමැති ගිංතොටදී කියයි
හැමදෙනාම සමගියෙන් ඉන්න ඕනෑ අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා - අගමැති ගිංතොටදී කියයි
-
Monday, November 20, 2017
ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ කලහකාරී සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19 දා) එම ප්‍රදේශයේ සංචාරය කළේය.
එහිදී අගමැතිවරයා මෙම ගැටුමේදී දේපළ හානිවූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමද සිදුකළේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා එම පිරිස සමඟ කියා සිටියේ ඉතා සුළු පිරිසක් විසින් මෙවැනි කඩාකප්පල්කාරී සිදුවීමක් කර ඇති අතර බොහෝදෙනාගේ අපේක්‍ෂාව සාමයෙන් සිටීම බවය. මෙම ප්‍රදේශයේ ඉදිරියේදී සංචාරක කර්මාන්තය අතින් ශීඝ්‍ර දියුණුවක් වන නිසා සියලු දෙනාම සහයෝගයෙන් සිටීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට පියවර ගෙන තිබෙන බව කියා සිටියේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවැසීය. "ඉතා ස්‌වල්ප දෙනෙකුට පුළුවන් විශාල හානියක් කරන්න. ස්‌වල්ප දෙනෙක් වැරදි ප්‍රචාර කරපු නිසා විශාල හානියක් වුණා. හැමදාම පොලිසිය හමුදාව මෙතැන තියාගන්න බැහැ. එනිසා සියලුදෙනා සාමයෙන් සිටින්න ඕනෑ.
හැම පිරිසක් අතරම අන්තවාදී කොටස් ඉන්නවා. මේක කවුද කළේ කියල සොයල බලමු. ඒ අයට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. අපිට ඕනෑ සියලු දෙනා එකට එක්‌ව යාමටයි. අලාභ වූ අයට වන්දි ගෙවීමටද සොයා බලනවා.
මෙම අවස්‌ථාවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ස්‌වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි, පොලිස්‌පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පිරිසක් එක්‌ව සිටියහ.
ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි, අහංගම - සුගතපාල දීයගහගේ
