Sunday, November 12, 2017
Home
Gossip Lanka News
අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක් - පියසේනටත් ඇමති පින පෑදේ
අයවැයෙන් පස්සේ ඇමතිකම් වෙනසක් - පියසේනටත් ඇමති පින පෑදේ
-
Sunday, November 12, 2017
අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට ඉඩ ඇති බව වාර්තාවේ. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ හා ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග යන මහතුන්ගේ ආමාත්‍ය ධුරවල වෙනසක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
රාජපක්ෂ පාලනයේ දී සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් රත්නායක මහතාට දිගින් දිගටම චෝදනා එල්ල විය. මීට අමතරව සිය අමාත්‍යාංශයේ වැඩ සිදු නොකර ක‍්‍රිකට් සම්බන්ධයෙන් සොයා බලමින් කටයුතු කිරීම නිසා පසුගිය සතියේ මහත් අන්දෝලනයකට ලක් වූ තෙල් අර්බුදය සම්බන්ධයෙන් රණතුංග මහතාට චෝදනා එල්ල වී ඇත.
මේ අතර එසේ අමාත්‍ය ධුරවල වෙනසක් සිදු කරන්නේ නම් දයාසිරි ජයසේකර ඇමැතිවරයාගේ ද ධුරයේ වෙනසක් සිදු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට යෝජනාවක් ගෙන ඒමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි.
අයවැයෙන් පසුව කැබිනට් සංශෝධන සිදු කළහොත් එළඹෙන පළාත් පාලන ඡුන්දයට එමඟින් බලපෑමක් සිදු විය හැකි නිසා එය සිදු නොකරන ලෙස ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
පළාත් පාලන මැතිවරණය ජනවාරි අවසානයේ පැවැත් වෙන බවට තොරතුරු වාර්තා වන නිසා පෙබරවාරි මාසයේ එම මැතිවරණයෙන් පත් වන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් වැඩ බාර ගැනීමේ උත්සව හා පෙබරවාරි මාසය අඩු මාසයක් බැවින් කැබිනට් සංසෝධනයක් නොවන බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත‍්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක් ලෙස දිවුරුම් දුන් පියසේන ගමගේ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් ලැබෙනු ඇති බව වාර්තා වෙයි.
බොහෝ දුරට එම ඇමති ධුරය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය විය හැකි යයිද සදහන්ය.
පියසේම ගමගේ මහතා ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක්ද වෙයි.
මේ අතර වතු කම්කරු කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුමුගම් තොන්ඩමන්ට හා ඊ.පී.ඩි.පී. පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දටද ඇමති ධුරයන් ලබා දීමට අවධාරනය යොමුව ඇති බව පැවසෙයි.
බොහෝ දුරට පළාත් පාලන මැතිවණයේ නාම යෝජනා කැදවීමට පෙර මෙම නව ඇමතිවරුන් පත් කරනු ඇති බවද වාර්තා වේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...