BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 02, 2017

විමල්ගේ හෝදාපාලුව අැර‍ඹේ

ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය පල කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

බැසිල්, විමල්ගේ පක්ෂයට 'කොකා' පෙන්නයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි ආණ්ඩු විරෝධී බලවේගවලින් හා බිම් මට්ටමේ පක්ෂ නායකයින් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කරන බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ 'කාල්ටන් කල්ලිය'ට විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවී ඇත.



පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා, ශ්‍රීලනිප - ඒකාබද්ධ සාකච්ජා බිඳ දැමීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිටම පවසා තිබිණ.

මැතිවරණයකදී අවශ්‍ය අංක ගණිතය ඉතා සරල බවත් එහිදී අවශ්‍ය බෙදීම හෝ අඩු කිරීම නොව, එකතුකිරිම හා වැඩිකිරීම බවත් වීරකුමාර මන්ත්‍රීවරයා එහිදී පැහැදිලි කර දෙමින් සිටියදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය සමග එක්විම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

වීරකුමාර දිසානායක මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී කල කතාවට එහිසිටි බහුතරයක් මන්ත්‍රීවරුන් රැස්වීමෙන් අනතුරුව ඔහුට ස්තුතිය පළකර ඇත. 

කෙසේවුවද විමල් විරවංශ මහතා එහිදී මුනිවත රැකීම ඔහුගේ පක්ෂයේ නායකයින්ට විශාල ගැටළුවක් වී ඇත.

විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙකු මෙන්ම එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ පසුගියදා සිදුකල රහස් සාකච්ඡාව ඊට හේතුවී ඇත්දැයි ද සැකයක් මතුව තිබේ.

අපේක්ෂක ලැයිස්තු ?

මේ අතර,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ වගකීම බාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, විමල්ගේ පක්ෂයේ අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් කපා හැරීම ජාතික නිදහස් පෙරමුණේ විරෝධයට හේතුවී ඇත.



මෙම තත්ත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඉදිරිදින කිහිපය තුලදී තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
« PREV
NEXT »