Thursday, January 25, 2018
Home
Gossip Lanka News
රජයේ සේවක මූලික වැටුප, වැටුප් වර්ධක 22% කින් ඉහළට
රජයේ සේවක මූලික වැටුප, වැටුප් වර්ධක 22% කින් ඉහළට
-
Thursday, January 25, 2018
සියලුම රජයේ සේවකයන්ගේ මුලික වැටුප මේ මස 01දින සිට නැවත සියයට 22කින් හා වැටුප් වර්ධකය සියයට 22කින් වැඩිකර ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි.පසුගිය රජය යටතේ 2006සිට වසර 10ක කාලය තුළ කිසිදු වැටුප් වැඩිවීමක් ලබා නොදුන් අතර වර්තමාන රජය යටතේ 2015 සිට මේ දක්වා කම්කරු සේවයට රුපියල් 7512කින්ද අමාත්‍යංශ ලේකම්වරයෙකුට රුපියල් 30684කින්ද මුලික වැටප් වැඩිවි ඇති බවද එම පෙරමුණ පෙන්වා දෙයි.
ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ තම පෙරමුණේ ඉල්ලීම පරිදි 2015දී වැටුපට එකතු කළ රුපියල් 10000ක දීමනාව හා ඒ ව විට රජයේ සේවකයන්ට ගෙවමින් තිබු වැටුපෙන් සියට 20ක් වන දීමනාවද මුලික වැටුපට එකතු කර ගෙවීමට වර්තමාන රජය ගත් තීරණයට අනුව ක්‍රියාත්මක වීමකි.
මුලික වැටුප් වැඩිකිරීම නිසා රජයේ සේවකයන්ට ගෙවන අතිකාල දීමනා සති විවේක දීමනා හා රජයේ නිවාඩු දින දීමනාද වැඩිවන අතර බැංකු හෝ වෙනත් ආයතන වලින් ණය ලබා ගැනීමේදී ලබාගත හැකි මුදලද වැඩිවනු ඇති බවද පෙන්වා දෙයි. ඒ අනුව මේ වසරේ මුල් මස 01 දා සිට කම්කරු රුපියල් 2504ක්ද, කළමණාකරන සහකාර (එම්.එන්.2) රුපියල් 2990ක්ද, හෙද සේවාව රුපියල් 3381ක්ද වෛද්‍ය සේවාව(එස්.එල්.2) 4567ක්ද, ස්ථිර ලේකම් රුපියල් 10227ක් ලෙසද වැටුප් වැඩිවන බව ජාතික වෘත්තිය සමිත පරමුනේ මැදිහත්වීම මත රජයේ සෙවකයන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව එම පෙරමුණ පවසයි.
