Thursday, January 25, 2018
Home
Gossip Lanka News
බැසිල්ට-විමල්ට මහින්දයාපාට රංජිත්ට ළඟදීම නඩු
බැසිල්ට-විමල්ට මහින්දයාපාට රංජිත්ට ළඟදීම නඩු
-
Thursday, January 25, 2018
බරපතළ වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ඇමැති විමල් වීරවංශ, හිටපු ඇමැති මහින්දයාපා අබේවර්ධන, හිටපු මහ ඇමැතිවරයකු වන එස්. එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළුව හිටපු සභාපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනකුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.
නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ උපදෙස් මත මෙම අධ්‍යයනය සිදුකරගෙන යනු ලැබේ. මේ පිළිබඳව දිනමිණ කරන ලද විමසීමකදී නීතිපතිවරයා පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජනාධිපති පරීක්ෂණ කොමිසම භාරදී තිබෙන කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තා අටක් ඉදිරි නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපතිවරයා වෙත භාරදී තිබෙන බවයි.
එම පරීක්ෂණ වාර්තා අටට ඉහත දැක්වෙන දේශපාලනඥයන් ඇතුළු සභාපතිවරුන්, අධ්‍යක්ෂවරු කිහිපදෙනකු පිළිබඳව ද සඳහන්ව තිබෙන බව පැවසූ නීතිපතිවරයා ඒ අනුව එම වාර්තා අට සහ අදාළ පුද්ගලයින්ට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගැනීමට අධ්‍යයනය සිදුකරගෙන යන බවයි.
එම වාර්තා අටට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, උතුරුමැද පළාත් සභාව, මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය, රූපවාහිනී සංස්ථාව, ජාතික ගමනාගමන කොමිසම, ජාතික තරුණසේවා සභාව අයත් වෙති. රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන විමලසේන රූබසිංහ, අධ්‍යක්ෂක චන්ද්‍රපාල ලියනගේ, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රේණුක දුෂ්යන්ත පෙරේරා, තරුණසේවා සභාවේ හිටපු සභාපතිවරයකු වන ලලිත් පියුම් පෙරේරා මහත්වරු ඇතුළු තවත් කිහිපදෙනෙකු පිළිබඳත් එම වාර්තා අටේ සඳහන් වන අතර ඔවුන් සම්බන්ධවත් නීතිමය අධ්‍යයනය සිදුකරගෙන යනු ලැබේ.
මෙම වාර්තා අට දැනට සති දෙකකට පමණ පෙර නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...