BREAKING NEWS
latest

728x90

468x60

Friday, January 12, 2018

විදුහල්පතිනියක් දණගස්සුවේ ඌවේ මහ ඇමති චාමර


දේශපාඥයෙකු බදුල්ල විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවෙසට කැඳවා ඇය දණගස්වා වන්දවාගෙන ඇතැයි අප ඊයේ හෙලි කලා.

එම දේශපාලඥයා ඌව පළාත් මහ ඇමති සම්පත් චාමර දසනායක මහතා බවට ගොසිප්99 වෙත වාර්තාවේ.



දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියකව මෙසේ දණගස්සවා ඇත.

එම බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුළත් කර ගැනීම සඳහා ඇගේ මවුපියන් විසින් මහඇමතිවරයාගෙන් ලිපියක් රැගෙන එම විදුහල්පතිනිය හමුවට ගොස් ඇත.

පවතින නීති රීති සහ චක්‍රලේකවලට පිටින් තමන්ට වැඩ කළ නොහැකි බව පවසමින් විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද මෙලෙසම පලාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් ගුරුවරියක දණගැස්වූ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් කාන්තාවන් 100ක් දූෂණය කර උත්සවයක්ද පවත්වා තිබිණි.

ඔවුන් දෙදෙනාම මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග දේශපාලන කටයුතුවල නිරතව සිටින අතර වත්මන් මහ ඇමතිවරයා විටෙක මෛත්‍රීපාල සිරිසේන මහතා සමගත් තවත් විටෙක මහින්ද රාජපක්ෂ මහතා සමගත් දේශපාලන කටයුතුවල නිරතවෙමන් සිටියි.

ඒ බව සමන්ත විද්‍යාරත්න මහතාද ජනහමුවක් අමතමින් කියා සිටියේය.

« PREV
NEXT »