Advertisements

Loading...

Gossip

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රවය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

“2017 ජනවාරි 01 වැනිදා ඉඳන් 2017 දෙසැම්බර් 27 දක්වා කාලය තුළ රුපියල් තිස්හත් කෝටි පනස්පන් ලක්ෂ හයදහස් අටසිය හැට හතරයි ශත තිස්හතක් ( 375,506,864,37 ) වටිනා හෙරොයින් ,නීතිවිරෝධී දුම්වැටි, මත්පැන්, ගංජා කියන මත්ද්‍රව්‍යය පොලීස් විශේෂ කාර්ය බලකායත් මත්ද්‍රව්‍යය සහ බරපතල අපරාධ මර්ධන දිසාවත් පමණක් අත්අඩංගුවට අරන් තියෙනවා.

ඒ අත්අඩංගුවට ගත්තු හෙරොයින්වල වටිනාකම රුපියල් දහතුන් කෝටි හැට එක් ලක්ෂ දහ නව දහස් දෛසිය පනහක් (136,119,250.00) වෙනවා.රුපියල් තුන් කෝටි පනස්තුන් ලක්ෂ තිස්දහස් අටසියක් (35,330,800.00) වටිනා නීතිවිරෝධී දුම්වැටි, රුපියල් නව කෝටි දහනව ලක්ෂ නවදහස් හත්සිය තිස් දෙකයි ශත හැට පහක් (90,199,732.65 ) වටිනා මත්පැන් වගේම රුපියල් එකොලොස්කෝටි තිස් අට ලක්ෂ පනස්හත් දහස් අසූ එකයි ශත හැත්තෑ දෙකක් (113,857,081.72) වටිනා ගංජා අත්අඩංගුවට ගන්න හැකියාව ලැබිලා තියෙනවා.

කෙසේ වෙතත් අපි මේ වසරේ දී වැටලීම් තවත් වැඩි කරලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කරලා දැමීමේ කටයුතු තවත් ඉක්මන් කරන්න කටයුතු කරනවා” යැයි අමාත්‍යවරයා කීය.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip ______________________________________________________________
© 2016 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Advertisements

Loading...

GALLERY