BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 07, 2018

නාමල්ට එරෙහි නඩු විභාගය 16 දා ඇරැඹෙයි

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදුකළ බවට අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයකට එරෙහි නඩුවේ සාක්කි විභාගය මෙම මස 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඊයේ (16) නියෝග කළේය.

නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් හා එක්ව සිදුකළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30 ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධිචෝදනා 11 ක් යටතේ විත්තිකරුවන් 06 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, සුජානි බෝගොල්ලාගම, ඔරනෙලා ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරනායක හා සී/ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම මෙහි විත්තිකරුවෝ වෙති.

දෙවැනි විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටින අතර ඔහු වෙනුවෙන් නීතිඥව‍රයෙක් පෙනී සිටියි. හයවන විත්තිකාර සමාගම වෙනුවෙන් කිසිදු නීතිඥ නියෝජනයක් ඉදිරිපත් නොවෙයි.

නඩුවේ සාක්කි විභාගය සඳහා අධිකරණය දින නියම කර ඇතත් පැමිණිල්ල විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන මේ දක්වා නිසියාකාරව ලබා දී නැතැයි නඩුව ඊයේ (06) කැඳවූ අවස්ථාවේ පවසා සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා එම හේතුව නිසා නඩුවේ සාක්කි විභාගය මේ මස 16 ආරම්භ කිරීමේ අපහසුවක් පවතින බව දන්වා සිටියේය.

අදාළ ලේඛනවල ඡායා පිටපත් ගැනීම සිදුවෙමින් පවතින බැවින් හැකි ඉක්මනින් අදාළ ලේඛන විත්තිය වෙත ලැබීමට සලස්වන ‍බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ පද්මාල් වීරසිංහ මහතා පැවසීය.

යම් අඩුපාඩුවක් වේ නම් නඩුව විභාගයට නියමිත දින ඒ සම්බන්ධව තීරණයක් ගත හැකි බව විනිසුරුවරයා දන්වා සිටියේය.
« PREV
NEXT »