BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 07, 2018

ප්‍රචාරක වැඩ අද මධ්‍යම රාත්‍රී අවසන් - ඉවත් නොකළ පුවරු වීඩියෝ කර අපේක්ෂකයන්ට නඩු

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබෙන බැවින් මැතිවරණ නීති අකුරටම ආරක්ෂා කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
මෙවර පළාත් පාලන මැතිවරණ කාලය ඉකුත් දෙසැම්බර් මාසයේ මුල සතියේදි ආරම්භ වු අතර මැතිවරණ දිනය ළඟා වෙද්දි දේශපාලන පක්ෂවල ඡන්ද කටයුතු උණුසුම් වෙමින් තිබේ. ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට ඉකුත් (31) තීන්දු කර තිබුණත් එය ඊයේ (06) දක්වා දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ඉල්ලීම මත කාලය දීර්ඝ කර තිබිණි.

මින් ඉදිරියට මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පුවරු ඉවත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව ඒවා වීඩියෝ කර නඩු දමන බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එමෙන්ම අද (07) පැවැත්වෙන මැතිවරණ රැස්වීම් වල ප්‍රවෘත්ති සෑම පක්ෂයකටම සමාන ලෙස ප්‍රචාරයක් ලබාදෙන ලෙසත් විද්යුත් මාධ්‍යවල එක් පුවත් විකාශයක පමණක් එම රැස්වීම් පුවත් ප්‍රචාරය කරන ලෙසත් ඒ මහතා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.
මැතිවරණ කොමිසමේ පැමිණිලි ඒකකය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙවර මැතිවරණයේදි උපකරණ බෙදාදීම්, රැකියා ලබාදීම්, අනවසර කාර්යාල, ප්‍රචාරක දැන්වීම්පුවරු, නීති විරෝධි පෙළපාළි වැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවි තිබේ.
මැතිවරණ පැමිණිලි ඒකකයේ හා නිරීක්ෂණ සංවිධානවල පැමිණිලි දත්ත අනුව එම කරුණු තහවුරු වේ. මැතිවරණ කෙමිසමේ පැමිණිලි ඒකකයට ඊයේ (06) දහවල් වන විට මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳ පැමිණිලි 1281ක් ලැබි තිබෙන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 84ක් ලැබි තිබේ.
මැතිවරණයේදි ඡන්ද කාඩ් මුදලට ලබාගැනීම, විවිධ බිල් ගෙවීම් වැනි දේ පිළිබඳ අත් අඩංගුවට ගැනීම් දිගටම සිදුවෙන අතර මැතිවරණ නීති දැඩිව ආරක්ෂා කිරීමට පොලිසිය ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි. 
« PREV
NEXT »