BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 07, 2018

2010දී මහින්ද රාජපක්ෂ බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දුගෙ වැඩ තහනම් කරා - රටේම අවධානය සැනෙකින් දිනාගත් හමුදා විරුවා ගැන හරීන් කියන කතාව

ඉකුත්දා ලන්ඩන් නුවරදී, එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා විදේශ කටයුතු අමාත්‍යාංශට නියෝග කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ නමුත් මේවනවිට දැඩි ආන්දෝලනයට තුඩු දී ඇති ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අසළ වූ සිදුවීම දේශාපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසටත්, ආණ්ඩුව එම ගැටලුව විසඳා අදාළ නිළධාරිවරයා බේරගන්නා බවටත්  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු පවසයි.
“එංගලන්තයේ මහ කොමසාරිස් කාර්යාලයට යටත්ව කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් මේ දවස්වල  මහත් ආන්දෝලානාත්මක ප්‍රවෘත්තියක් සමාජ වෙබ්ජාලාවල, ප්‍රවෘත්තිවල  යනවා.
නමුත් පැහැදිලිව කියන්න ඕන ප්‍රියංග ප්‍රනාන්දු මැතිතුමා 2010 මැතිවරණය කාලේ සරත් ෆොන්සේකා මහතාගේ කාලයේ මුල්ලන්කෝවිල් කියන කඳවුරේ තමයි කමාන්ඩින් ඔෆිසර් හැටියට කටයුතු කළේ.එසේ කටයුතු කරන කොට ඒ කාලේ  ගායකයෙක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයට ජන්දය දෙන්න කියල කියද්දි  එතුමා ඒ ගායකයාට ප්‍රකාශයක් කළා කඳවුර ඇතුළෙ දේශපාලනය කරන්න එපා කියලා.ඒක කිව්වයි කියල පැය ගාණක් යනකොට එතුමාගේ වැඩ තහනම් කරපු කණ්ඩායම තමයි දැන් මෙතුමා වෙනුවෙන් වැඩියෙන්ම කඳුළු සලන්නේ.
මං විශ්වාසයෙන් කියන්න ඕන.එතුමා එදා  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සංවේදීව හැසිරුණා.මං වුණත් ඇමතිවරයෙක් හැටියට මගේ ඉස්සරහට ඇවිල්ලා ප්‍රභාකරන් වෙනුවෙන් කවුරුහරි කෑගැහුවානම් මගෙත් ඇඟේ ලේ කුපිත වීම සාමාන්‍ය සිදුවීමක්.
ඒ නිසා මේ වෙලාවේ එක් ඉල්ලීමක් කරනවා මේක දේශපාලනීකරණය කරන්න හදන්න එපා.මේක මැතිවරණ වේදිකාවට උස්සන් එන්න හදන්න එපා.
බ්‍රිතාන්‍යයේ නීතිය අනුව එතුමාට ඊට වඩා ලොකු දඬුවමක් ලැබෙන්න තියෙන එකට අපට මේ වෙලාවේ කරන්න තියෙන්නේ එතුමාගේ වැඩ තහනම් කරලා ලංකාවට ගෙනැල්ල පරීක්ෂණයක් කරලා, අපි විසඳගන්න එකයි. එහෙම නැතිව ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න එක නොවෙයි. ඉතින් අර ස්වාසිලන්තයත් එක්ක ගනුදෙනු කරපු රාජපක්ෂලාට එංගලන්තයත් එක්ක ගනුදෙනු කරලා තේරෙන්නේ නැතිව ඇති.
අපි එතුමා බේරාගන්නම්, අපි එතුමා‍ගේ ප්‍රශ්නය විසඳාගන්නම්. ඔබතුමාලා මැදමුලනට ගිහින් ඔබතුමාගේ දේශපාලනය කරගන්න කියන ඉල්ලීම තමයි කරන්න වෙලා තියෙන්නේ" යනුවෙන් කියා සිටියේය.
« PREV
NEXT »