Wednesday, February 07, 2018
Home
Gossip Lanka News
අර්ජුන් ඇලෝසියස් ඇප ඉල්ලයි - මහේස්ත්‍රාත්ගේ තීරණය මෙන්න
අර්ජුන් ඇලෝසියස් ඇප ඉල්ලයි - මහේස්ත්‍රාත්ගේ තීරණය මෙන්න
-
Wednesday, February 07, 2018
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පචුවල් ට්‍රෙෂරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරු අද (07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලිඛිත දේශන ගොනු කළා.
මෙහිදී විත්ති පාර්ශවයේ ලිඛිත දේශන වලට පිළිතුරු මේ මස 9 දා ට පෙර ගොනු කරන ලෙසට මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා . මෙම ලිඛිත දේශන පරිශීලනය කර සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය මේ මස 16 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම සැකකරුවන් පෙබරවාරි මස 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය සඳුදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
