BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 07, 2018

අර්ජුන් ඇලෝසියස් ඇප ඉල්ලයි - මහේස්ත්‍රාත්ගේ තීරණය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පචුවල් ට්‍රෙෂරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරු අද (07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලිඛිත දේශන ගොනු කළා.

මෙහිදී විත්ති පාර්ශවයේ ලිඛිත දේශන වලට පිළිතුරු මේ මස 9 දා ට පෙර ගොනු කරන ලෙසට මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා . මෙම ලිඛිත දේශන පරිශීලනය කර සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය මේ මස 16 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම සැකකරුවන් පෙබරවාරි මස 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය සඳුදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
« PREV
NEXT »