BREAKING NEWS
latest

728x90

468x60

Saturday, February 03, 2018

ගෝඨාභයගේ ඉල්ලීම මහාධිකරණයෙන් ඉවතට

ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යෑමට අවසර දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවෙන් නිදහස් කකරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (02) තීරණය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

ගෝඨාභය මහතාගේ පෙත්සම විසින් තමන් ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරීමේ දී එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය එම කොමිසමේ ලිඛිත අනුමැතියක් ලබා ගෙන නොමැති බව පෙන්වා දී තිබේ.

ඒ නිසා එසේ නඩු පැවරීම නීතිවිරෝධි බවත් තමා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා තම නීතිඥවරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මුලික විරෝධතාවයක් ගොනු කළ බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් එම මුලික විරෝධතාවය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එම මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව අවලංගු කර තමා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමින් ඉල්ලා තිබුණි.

නමුත් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ, මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් විත්තිකරුවන්ට දැඩි අගතියක් සිදු නොවුණ බවයි.

කෙසේ වෙතත් අල්ලස් නඩු පැවරීම සඳහා එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කොමිසමේ ලිඛිත අනුමැතිය අවශ්‍ය බවට පැහැදිලි ප්‍රතිපාදන නොමැති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම නිසා අදාළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන බව පැවසීය.
« PREV
NEXT »