BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 06, 2018

ඌවේ මහ ඇමැති පිස්සා චාමර බුරා පැන වන තැන්නේ ඥනානන්ද හිමියන්ගේ කනට ගසයි - ජනපති තුමනි ඔබේ අවධානය පිණිසයි - වීඩියෝ

පසුගියදා මහත් ආන්දෝලනයකට ලක්වූ බදුල්ලේ විදුහල්පතිනියක් දන ගස්සවා වැන්දා ගත් චාමර සම්පත් නමැති මහ ඇමතියා හිමිනමකට පහරදී තිබේ.

මෙලෙස රටේ සාමාන්‍ය ජනතාවට පහර දෙන, රටේ මිනිසුන්ට තර්ජනය කරන මහ ඇමති නරුමයන් බෙල්ලෙන් අල්ලා එලියට දැමිය යුතු කාලය එළඹ ඇතැයි අප  අවධාරණය කරමු. මෙවැනි අඳබාලයන් බලයට පත්නොකිරීමට වග බලාගැනීම ජනතාව සතු යුතුකමකි.

ඌවේ මහ ඇමැතිවරයා යනු තමන්ගේ රෙදි ගැලවුණද කිසිදු බයක්‌ සැකක්‌ නැතිව සමාජයේ සිතූ පරිදි හැසිරෙන්නට හැකියාවක්‌ ඇති අමුතුම වර්ගයේ දේශපාලනඥයෙකි. එවැනි වර්ගයේ දේශපාලනඥයන්ගෙන් රටට අඩුවක්‌ නැත. කරුමෙට මෙන් හැම මැතිවරණයකදීම මෙවැනි නිහීන දේශපාලනඥයන් පාර්ලිමේන්තුවටත්, පළාත් සභාවටත්, පළාත් පාලන ආයතනවලටත් පත් කර යවන්නේ රටේ ජනතාවමය. ඊළඟට එම දේශපාලනඥයන් ඉදිරියේ දණ ගසන්නට වන්නේද එම ජනතාවටම වීම සැලකිල්ලට ගත යුතු කාරණයකි. පසුගිය දිනවල සමාජජාල වෙබ් අඩවිවල ඌව මහ ඇමැතිවරයාගේ "සුරුවිරුකම්" දැක්‌වෙන තවත් වීඩියෝ දර්ශනයක්‌ හුවමාරු වී තිබිණි. එහිදී ඌව මහ ඇමැතිවරයා හැසිරෙන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටවල එන වේට්‌ටිය ඇඳ සටනට බහින දුෂ්ටයකු මෙනි. එහි දැක්‌වෙන්නේ ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක හිමිනමකට තර්ජනය කර පහරදීමට උත්සාහ කරන අවස්‌ථාවකි. විශේෂයෙන් කිව යුතු වන්නේ මෙම සිදු වීම මාස දෙකක්‌ පමණ පරණ එකක්‌ බවය. මාස දෙකකට පෙරාතුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඌව මහ ඇමැතිවරයා හමුවීමට පළාත් සභා ගොඩනැඟිල්ලට පැමිණ තිබේ. එසේ සාකච්ඡාවක්‌ සඳහා පැමිණි අවස්‌ථාවේ එම සංගමයේ කැඳවුම්කරු වන තැන්නේ ඥනානන්ද හිමියෝ මේ අවස්‌ථාවට මුහුණ දී තිබේ.
චාමර සම්පත් දසනායක මහ ඇමැතිවරයා කියන්නේ එම සිදුවීම "මාස දෙකකට වඩා පරණ" බවත්, තමන් පහරදීමට උත්සාහ නොකළ බවත්ය. මේවා ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්‌ක කර සිදු කරනු ලබන මඩ ප්‍රචාර බවද මහ ඇමැතිවරයා සඳහන් කර සිටියි. තමන්ගේ නිල නිවසට ගෙන්වා විදුහල්පතිනියක දණගැස්‌වූ මොහොතේද ඌව මහ ඇමැතිවරයා කීවේ තමන් එසේ නොකළ බවය. එසේ නම් අපට සිතන්නට වන්නේ ඌව මහ ඇමැතිවරයා යනු තොත්ත බබෙකු බවය. ඒ අනුව ඔහු විදුහල්පතිනියක දණගැස්‌වූයේ නැත. සිදුව ඇත්තේ ඔහු එම විදුහල්පතිනිය ළඟ දණගැසීමය. එපමණකින් නොනැවතී කතිර ලකුණ සිටින සේ කන් දෙකද දැතින් මිරිකාගෙන හිඳ ඇත්තේ තමන්ගේ පාසල් කාලයේ දඩබ්බරකම් සිහිපත් කරමින් විය යුතුය. වීඩියෝ දර්ශනයේ දැක්‌වෙන්නේ අමු කෙප්පයකි. සිදුව ඇත්තේ අදාළ හිමිනම ළඟ මහ ඇමැතිවරයා දණින් වැටී, වැඳ නමස්‌කාර කර අදාළ කාරණය විමසා ඊට විසඳුම් ලබාදීමය. එතැනින් නොනැවතී ඒ හිමිනමට ගිලන්පසද, දහවල් දානයද පිරිනමා නැවත විහාරස්‌ථානයට යැමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද ලබාදී තිබේ.


අපට අහන්නට ඇත්තේ මේවා එසේ සිදු වෙනවා නම් කොතරම් හොඳද යන්න පමණකි.



දේශපාලනයට නොව ඇසුරටවත් සුදුසු නැති උදවිය දේශපාලනයට ගෙන ආ විට සිදු වන්නේ කුමක්‌ද යන්න මෙවර පුංචි ඡන්දයේදී හෝ ජනතාව තේරුම් ගත යුත්තේ මෙවැනි සිදුවීම් උදාහරණයට ගනිමිනි. තමන්ගේ දේශපාලනයත්, මහ ඇමැති පදවියත් ඉතාම නරක අන්දමට අවභාවිත කරන ඌව මහ ඇමැතිවරයා නැවත මුල සිට දේශපාලනය නොව හැමදේම ඉගෙන ගත යුතු බව අපේ අදහසය. මහ ඇමැතිවරයකු නොව කවර අන්දමේ පුරවැසියකු වුව කරන මෙවැනි අසික්‌කිත වැඩ සමාජ වටිනාකම් බිඳ දැමීමට සමත් අවියක්‌ වන බව කිව යුතුය. මෙවැනි සිදුවීම් පරමාදර්ශ කර ගත් සමාජයක්‌ මේ වනවිට බිහිව ඇත්තේ ඒ සමාජ වටිනාකම් පිරිහී යැම නිසාය. දේශපාලනඥයකු වීමට "ගමේ එකා" වීමත් "අපේ එකා" වීමත් ගැළපෙන්නේ නැති බව මෙවැනි සිදුවීම්වලින් පැහැදිලි වේ. එවැනි "ගමේ එකෙක්‌" "යකෙක්‌" වීමට ඇති ඉඩ අහුරා දැමීමේ වගකීම ඇත්තේ ඔබේ කතිරයටය.


බදුල්ල ජනතාවනි, පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරයි නම්, මෙවැනි පාදඩ දේශපාලකයන්ට ඔබ පිළිතුරක් ලබාදිය යුතුය. ජන බලයට ඕනෑම බලයක් යට බව සිහිතබාගන්න.


« PREV
NEXT »