BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 07, 2018

ඉදිරි වසර දෙක ඇතුළත තට්‌ටු නිවාස 50,000 ක්‌ ඉදි කරනවා - අගමැති කොළොන්නාවේදී කියයි

තට්‌ටු නිවාස 50,000 ක්‌ ඉදිරි වසර දෙක ඇතුළත ඉදිකිරීම අරමුණ බවත්, ඒ සඳහා ඉඩම් ලබාගනිමින් තවත් සංවර්ධන වැඩකටයුතු රාශියක්‌ ආරම්භ කර තිබෙන බවත් එක්‌සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පළාත් පාලන මැතිවරණයේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පෙරේදා (05 වැනිදා) කොළොන්නාව නගරයේ පැවැති රැලිය අමතමින් අග්‍රාමාත්‍යවරයා එසේ ක්‌sයා සිටියේය.

එහිදී තවදුරටත් කතා කළ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"එළැඹෙන අප්‍රේල් මාසය වන විට ග්‍රාම නිලධාරි කොට්‌ඨාස 3000 ත් 4000 ත් අතර ප්‍රමාණයකට නොමිලයේ වයිෆයි ලබාදෙනවා. පාසල් සඳහා ටැබ් ලබාදීමේ වැඩසටහන අපි අවසන් කළ යුතුයි. 2018 වසර අවසන් වීමට පෙර අනෙක්‌ සියලු ප්‍රදේශ සඳහාත් නොමිලේ වයිෆයි ලබාදෙනවා.

"අපට අවශ්‍ය වන්නේ ලෝකය නවීකරණය වනවිට ඊට සමානවම අපේ රටත් නවීකරණය කිරීමටයි. අපේ ගමත් ඒ හා සමානවම නවීකරණය කළ යුතුයි.
« PREV
NEXT »