BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, February 07, 2018

ගම්පහ පස්‌ මෆියාව තවත් බිල්ලක්‌ ගනී

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ නිවසකට ඊයේ (06 වැනිදා) පෙරවරුවේ කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනෙකු- එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස්‌ ඇත.

පස්‌ ජාවාරම් මුල් කරගෙන ගම්පහ ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක්‌ අතර හටගෙන තිබෙන ගැටුමේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම පස්‌ ජාවාරම් මුල් කරගෙන මීට දින තුනකට පෙර ගම්පහ ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබිණි.

ඊයේ පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු කෙහෙල්බද්දර ප්‍රදේශයේ නිවස ඉදිරිපිට සිටි කෝරළ ගමගේ නෙවිල් පෙරේරා නමැති 68 හැවිරිදි දෙදරු පියාට වෙඩි තබා පලා ගොස්‌ ඇත.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ හෙතෙම රෝහල්ගත කිරීමෙන් පසු මියගිය අතර එම පුද්ගලයාද විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් කලක්‌ බන්ධනාගාරගතව සිටි අයකු බව පැවසේ.

ගම්පහ බටපොත ප්‍රදේශයේ පස්‌ කන්දක අයිතිය සම්බන්ධයෙන් පාතාල කල්ලි දෙකක්‌ අතර ගැටුමක්‌ හටගෙන ඇති අතර එකිනෙකා මරාගැනීම ඊට හේතු වී ඇති බව පොලිසිය කියයි.

මෙම පාතාල කල්ලි දෙක අත්අඩංගුවට ගැනීම සඳහා බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති අජිත් රෝහණ මහතාගේ අධීක්‍ෂණයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ යොදවා ඇත.

ඊට අමතරව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක්‌ද මෙම පාතාල කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබේ.
« PREV
NEXT »