Sunday, February 11, 2018
Home
Gossip Lanka News
ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති
ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති
-
Sunday, February 11, 2018
පළාත් පාලන මැතිවරණ පරාජයත් සමග මහමැතිවරණයක් වෙත යාම පිළිබඳ මේ වන විටත් සංවාදයක් පවතින නමුත්, වසර 2020 දක්වාම ආණ්ඩුව ගෙන යා හැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව, තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අග්‍රමාත්‍යවරයාගේ අදහස වී තිබෙන්නේ 2015 ජනවාරි 8 වැනිදා ජනතාව ලබාදුන් ජන වරම, පළාත් පාලන මැතිවරණයේ අනපේක්ෂිත පරාජය හේතුවෙන් කණපිට හැරවිය නොහැකි බවයි.
මීට පෙර තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වූ අන්දමට මහින්ද රාජපක්ෂ වෙත අගමැති ධුරය පිරිනැමීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ යෝජනාව වී තිබෙන්නේ වහාම මහ මැතිවරණයකට යා යුතු බව ය.
ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති
පාඨලී චම්පික රණවක ,අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් 7 දෙනෙක් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව තහවුරු නොකළ වාර්තාවලින් පෙනී යන්නේ නෙළුම් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ඡන්දයෙන් 65%කට අධික බලයක් තහවුරු කර ගැනීමට නියමිත බව ය. මෙම ප්‍රතිඵලයත් සමග බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය වාර්තා වීමට නියමිත අතර, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පවතින්නේ අර්බුදකාරී තත්වයකි.
