BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 11, 2018

මෛත්‍රී සභාපතිකමෙන් ඉවත් කරන්න යෝජනා

පලාත් පාලන මැතිවරණයේ කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන ආයතන 250 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

ඒ මොණරාගල, අනුරාධපුර, රත්නපුර දිස්ත්‍රික්යේ සියලු සභාවන් මෙන්ම හම්බන්තොට, මාතර, ගාල්ල, මාතලේ, මහනුවර, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්වල එක් සභාවක් හැරුණු විට අනිකුත් සියලුම සභාවන් ද කුරුණෑගල දිස්ත්‍රික්යේ කුරුණෑගල මහ නගර සභාව හා කුලියාපිටිය නගර සභාව හැර සම්පූර්ණ දිස්ත්‍රික්ය ද බදුල්ල, අම්පාර, ත්‍රිකුණාමල, නුවරඑළිය දිස්ත්‍රික්වල සියලුම සිංහල බහුතරය සිටින සභාවන් ඇතුළුවය.

එමෙන්ම කොළඹ, දෙහිවල ගල්කිස්ස, මහනුවර, කුරුණෑගල, බදුල්ල, නුවරඑළිය මහ නගර සභා ඇතුළු පලාත් ආයතනයන් 25 ක් පමණ එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගෙන ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්යේ පලාත් පාලන 4 ක් පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දිනාගෙන තිබේ.

අනිකුත් සුලු ජාතික පක්ෂ විසින් පළාත් පාලන ආයතන 61 ක් පමණ දිනා ගෙන ඇත.

‘මව්බිමට අලුත් උදෑසනක්’ - මහින්දගෙන් ෆේස්බුක් සටහනක්

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වාර්තා කරමින් ඇති අති දැවැන්ත ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර ඇත.

‘මව්බිමට අලුත් උදෑසනක්’ යන හිසින් පල කර ඇති ඒ සදහා අති මහත් ප්‍රතිචාර ලැබෙමින් පවතී.

මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකමෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් 

පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනවරමට අවනත වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉවත්විය යුතු බවට බලපෑම් කිරීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබේ.

මෙම පරාජය හමුවේ ශ්‍රීලනිප ඇමතිවරු මහින්ද රාජපක්ෂ මහතාට එක්වීම නොවැලැක්විය හැකිබව ජනාධිපතිවරයාගේ උපදේශකයකු පැවසිය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව ලද පරාජය හමුවේ අමාත්‍ය චම්පික රණවක මහතා සහ ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම අද ජනාධිපතිවරයා හමුවී සිය ඇමති ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමට නියමිතව ඇතැයි ද පැවසේ.

ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා විසින් යෝජනා කර ඇතැයි ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු පැවසිය.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය.


පලාත් පාලන මැතිවරණයේ කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන ආයතන 250 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන තිබේ.
« PREV
NEXT »