BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 11, 2018

පෙළපාළි රැස්වීම් බෑ - පොළීසිය කියයි

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සාමකාමී තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, පශ්චාත් මැතිවරණ සමය තුළ පෙළපාළි රැස්වීම් වැනි කිසිවක් කිරීම සපුරා තහනම් බවයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර සාමකාමී පරිසරයක් ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග‍ ගන්නා ලෙස දිවයිනේ සියලුම් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවය.

ඒ අනුව මැතිවරණ නීති විරෝධී ක්‍රියා සිදු කළහොත් එවැනි දෑ වීඩියෝගත කර එම සැකකරුවන් හඳුනාගෙන ඔවුන් පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙසටද සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ඒ ප්‍රතිඵල සාමාකාමීව භුක්ති විදින ලෙසද සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරයි.
« PREV
NEXT »