Sunday, February 11, 2018
Home
Ruwan Wijewardene
බ්‍රිගේඩියර් හරි - රුවන් විජයවර්ධන - Ruwan Wijewardene
බ්‍රිගේඩියර් හරි - රුවන් විජයවර්ධන - Ruwan Wijewardene
-
Sunday, February 11, 2018
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‌ෂක උපදේශක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කොටි හිතවාදී දෙමළ සංවිධානවලට එරෙහිව නිවැරදි අයුරින් කටයුතු කළ නිලධාරියකු බව ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඔහු යළි එම තනතුරෙහි තබා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පියවර ගැනීම තමා අගය කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
බ්‍රිගේඩියර් ප්‍රනාන්දු දෙමළ ඩයස්‌පෝරාව සම්බන්ධව නිවැරදි අයුරින් ක්‍රියා කළා. බ්‍රිතාන්‍යයේ සිටින සියලු දෙමළ වැසියන් එල්. ටී. ටී. ඊ. හිතවාදීන් ලෙස ක්‍රියාකරන්නේ නැහැ. ඔවුන් විවිධ සංවිධාන හරහා මුදල් එකතු කරනවා. ඒ සියලු ආධාර ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් එවන්නේ නැහැ යෑයි ද ආරක්‌ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
